සූටි මැණික බය උනාද
බෝල දෑස් ලොකු කරගෙන..
බිල්ලො වගේ මූණ වහන්
හැමෝම ඇයි මේ විදිහට..
සූටි මැණික අම්මිගෙ පණ
ලොකුයි කියලා මා…ස්ක් එක..
වහන් නැතුව කෝමද පණ
විද්දා ඇස් දෙකක් මෙහෙම..
කොරෝනාව කියලා ඇවිත්
ලොකු බිල්ලෙක් අපෙ ලෝකෙට..
අපි හැමෝම ගිලිනවාලු
සූටි මැණික දන්නවාද…
ඉස්සර වගෙ එහේ මෙහේ
යන්නට බෑ පුතේ අපිට…
ගේ ඇතුලෙම අම්මි එක්ක
ඉමු පුතුනේ පරිස්සමට…
ආමි එකේ මාමිලාට
වැඩ ගොඩයිලු හැම තැනකම..
ඩොක්ට මාමි නාර්ස් ඇන්ටි
බරටම වැඩ දිවා රෑම..
මගෙ මැණික වාගෙ මල්
කැකුළු පිටින් රැක ගන්නට…
හැමෝම වැඩ මගේ පුතේ
අපිත් ඉමුකො මාස්ක් දාන…
මාස්ක් දාන් මූණ වහන්
අත් සෝදලා පරිස්සමට ..
අපෙ පුතෙ අපිත් රැකෙමු
රකිමු සැවොම එක පොදියට..
අහින්සා පැහැසරණි
.2020.03.18
උපුටා ගැනීම
/https://www.facebook.com/profile.php?id=100015259681341&__tn__=%2CdlCH-R-R&eid=ARCfXm38goZwDg4l2Bv9wqxVkN0iGckFuK2mHmkFDLjTpopA22iDVL62vv8LrkEDk7ZNrlZdlb1NWXwy&hc_ref=ARRh4CDZ_v5kQx6npy5VMyolobl2J0P4uBQiSQq9iWaaMvwl2P7inm2sZAfHo1cBvIk