Sunday, November 24, 2024

කොරෝනා සහනාධාරය දේශපාලන ප්‍රචාරයක් කරගත් බවට වෙන්නප්පුව ප්‍රා.සභාපතිට චෝදනා ??

Must read

92130490_2866980660023145_3678890916409507840_n(12.55pm) පසුගිය මාර්තු 25 වනදා පළාත් පාළන කොමසාරිස්වරයා විසින් සියලූම පළාත් පාලන බලධාරීන් වෙත ලිඛිතව දන්වා තිබුණේ  පළාත් පාලන නියෝජිතියින්ගේ  සංවර්ධනය  අරමුදල් වලින්  50 % ක මුදලක් යොදවා   පවතින කොරෝනා වසංගතය හේතුවෙන් අසරන තත්ත්වයට පත්වී සිටින දිස්ත්‍රික්ක වල දිළිදු ජනතාව වෙත ආධාර ලබාදෙන ලෙසයි. එමෙන්ම එම ආධාර මොනවාද යන්න ප්‍රෙද්ශ වල අවශ්‍යතාවය අනුව තීරණය කරන ලෙසද එහි දන්වා තිබිණි. එමෙන්ම එම ආධාර ලබන්නාවූ පුද්ගලයන් සම්බන්ධයෙන් නිර්දේශ ද එම ලිපියේ සදහන් කර තිබුණි.
මේ අනුව වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභාව විසින්ද ලක්ෂ 125ක මුදලක් කොට්ඨාශ 25ක්  දිලිදු ජනතාව වෙත වෙන්කර තිබුණි. මෙම මුදලන් එක නිවසකට හාල් කිලෝ 5ක් ලබාදිමට තීරණය කර තිබූ අතර එය බෙදාදීම පසුගියදා ආරම්භ කරන ලදි. මෙම සහනාධාරය ලබාදීමේදී ප්‍රාෙද්ශීය සභාපතිවරයා විසින් අනුගමනය කර තිබුණේ ආණ්ඩු පක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් හරහා පමණක් මෙම අධාර බෙදාදීමටය. ඒ සදහා විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු සහභාගීකර නොගෙන  තමන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් හරහා පමණක් බෙදාදීමට කටයුතු කර තිබුණී.
මෙම මුදල් ජනතාවගේ බදු මුදල් වන අතර එය එක්පාර්ශවයකට පමණක් ලකුණු දාගැනීමට යොදාගැනීම වැරදිසහගත සහ අසාධාරණ බව මේ වනවිටත් වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් චෝදනා කරති. මෙම හාල් තොගය තමන්ගේ දේශපාලන වාසියට හරවාගත් බවට හොදම උදාහරණය මාධ්‍ය මගින්ද පෙන්වා තිබුණි. ඒ  වෙන්න්පුපව ප්‍රා.සභා මන්ත්‍රී ජූඩ් උඩුගම්පල  විසින් (13වනදා ) සිය නිවසට තම ඡන්දදායකයින් ගෙන්වා ගනිමින්  ඇදිරි නීතිය ද උල්ලංඝනය කරමින් එම හාල් මිටි බෙදාදීමේ සිදුවීමයි. කෙසේ නමුත් මෙම සහනාධාර  පක්ෂාග්‍රාහී ලෙස බෙදාදුන් බවට ප්‍රෙද්ශවාසීන් චෝදනා කරන අතර  මෙවැනි විපතක් අවස්ථාවේදි  වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභාවේ ආණ්ඩුපක්ෂය  ක්‍රියාකර ඇති අකාරය ඉතාම නින්දා සහගතය.  ප්‍රාෙද්ශීය සභාවේ සියලූම මන්ත්‍රීවරුන් ,මන්ත්‍රීවරියන් සහභාගි කරගත්තා නම් මෙම ආධාර බෙදීයාමේ පාක්ෂිකභාවය වැලැක්වී යම් පමණකට සමානාත්මතාවයක්  එකතුවන්නට ද ඉඩතිබුණි. නමුත් මෙම කොට්ඨාශ 25න් දිලිදු ප්‍රජාව තීරණය කිරීම අවසානයේ මන්ත්‍රීවරයා විසින් තීරණය කිරීම මෙහි ඇති වැරැද්දයි.
ආරච්චිකට්ටුව ප්‍රාෙද්ශීය සභාව විසින් මෙම තීරණය ක්‍රියාවට නංවා තිබූ අතර  එහිදී ජනතා විමුක්ති පෙරමුනේ (විපක්ෂයේ ) මන්ත්‍රීවරුන්ටද  එම සහනාධාර බෙදාදීමට අවස්ථාවක් ලබාදි තිබුණි.viber_image_2020-04-13_11-11-04viber_image_2020-04-13_11-11-02

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article