Friday, November 22, 2024

කොරෝනා ව්‍යාප්තිය වැලැක්වීම වෙනුවෙන් යාපනය බන්ධනාගාරයෙන් සිරකරුවන් 241කුට නිදහස

Must read

1472196069_5681914_hirunews_Jaffna-Prison
(5.02pm) සුළු වැරදි වලට දඩුවම ලබා සිටි සිරකරුවන් 44 දෙනෙකුව  යාපනයේ බන්ධනාගාරයෙන් නිදහස් කර ඇත. ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාධනය ව්‍යාප්තිය වැලැක්වීම පිනිස සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින සිරකරුවන් නිදහස් කරවිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ විශේෂ ක්‍රියාමාර්ගයක් යටතේ ඔවුන්ට අධිකරණය හරහා නිදහස ලබාදී ඇත. ඊයේ යාපනය මහා අධිකරණය විසින්  මෙම සිරකරුවන් 44 දෙනා නිදහස් කිරීමේ නියෝගය ලබාදි තිබේ.

www.todayjaffna.com වෙබ් අඩවිය සදහන් කරන අකාරයට මෙම ක්‍රියාමාර්ගයට අනුව  පසුගිය දින කිහිපය තුළ මෙම මෙහෙයුම මගින් පුද්ගලයින් 197 දෙනෙකු දැනටමත් නිදහස් කර ඇත. අද (01)  නිදහස්  කළ අය ද ඇතුළුව පුද්ගලයින් 241 දෙනෙකු මේ වනවිට නිදහස් කර තිබේ.

 


තොරතුරු / todayjaffna.com

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article