Monday, November 25, 2024

කොරෝනා යැයි සැක දෙන්නෙක් හලාවතින් කුරුණෑගල රෝහලට

Must read

image_4f22047572
ඊයේ (12) දහවල්  හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර අංශයට   කොරෝනා රෝග ලක්ෂණ යැයි ඇති වූ සැකයක් මත  පුද්ගලයන් දෙදෙනෙකු වැඩිදුර පරීක්ෂණ  සහ ප්‍රතිකාර ලබා ගැනීමට  පැමිණ ඇත. පසුව ඔවුන්ව  කුරුණෑගල මහරෝහලට යැවීමට  පියවර ගෙන ඇත.  මෙම දෙදෙනා ආරච්චිකට්ටුව අඩිප්පල වෙහෙරකැලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක් හා 25ක් වන සහෝදරයෙක් සහ සහෝදරයෙකි .

ඔවුන් ඉතාලියේ හා ඩුබායි  රටේ සේවයට ගොස් මෑතක දි ශ්‍රී ලංකාවට පැමිණි බවත්  හදිසියේම දෙදෙනා රෝගාතුරවීම නිසා ඔවුන් අද ( 12 දා ) දහවල් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි බවත්  ඇති වූ සැකයක් මත ඔවුන් දෙදෙනා විශේෂ වෛද්‍ය පරික්ෂණයකට ලක් කිරිම සඳහා  රඳවා  ගත් බවත්  රෝහල් අධ්‍යක්ෂ කපිල මල්ලිමාරච්චි මහතා පවසන ලදී.


 

ඔගස්ටින් ප්‍රනාන්දු – හලාවත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article