Friday, November 22, 2024

කොරෝනා මරණයක ගෞරවය ?

Must read

virusc
Unloading Covid-19 patients at a hospital in Rome. Experts worry that Italy’s confirmed caseload could double by the end of the month.Credit…Nadia Shira Cohen for The New York Times

ශ්‍රි ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා විසින්  කොරෝනා අසාධනය වීමෙන් මීගමුව පෝරුතොට දී මියගිය මුස්ලිම් ජාතිකයාගේ සිරුර මුස්ලිම්  ආගමික චාරිත්‍ර අනුව මිහිදන් කිරීමට නොලැබීම සම්බන්ධයෙන් සිය  කණගාටුව ප්‍රකාශ කර ඇති අතර  එම සිරුර ඉස්ලාම් ආගමික හා සංස්කෘතීන්ට අනුව මිහිදන් කිරීම වෙනුවෙන් රජයේ ඉහළ දේශපාලන බලධාරින්ගෙන් අවසර පැතූ බවත්   සෞඛ්‍ය බලධාරීහු  මීගමුවේදි භූමදානය කිරීම නොකළ හැකි බවට සහේතුක හා සාධාරන කරුණු ඉදිරිපත් කළ අතර, මාලිගාවත්ත වෙත ගෙන ඒමට අපගේ ඉල්ලීම සහේතුකව ප්‍රතික්ෂේප කරන ලද බවත් ඔහුගේ මුහුණු පොතේ සටහන් කොට ඇත.
මේ වනවිට මෙම මරණය හා රවුෆ් හකීම් මහතා ඒ සම්බන්ධයෙන් දක්වා ඇති අදහස සමාජය විසින්  සමාජ මාධ්‍ය ඔස්සේ   විවේචනයකට ලක්කරමින් සිටින අතර එම විවේචන තුළ  විද්‍යාත්මක හේතුවාද වලින් සමන්විත විවේචන මෙන්ම නිෂ්පළ, ජාතිවාදී හැගීම් වලින් පිරුණු  දෝෂොරෝපණ , අවලාද , අපහාස දක්වාද ගමන් කරමින් තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රි ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා විසින් නැවත පැහැදිලි කිරීමක් ඔහුගේ face Book ගිණුමේ පළ කර ඇත.

කෙසේ වෙතත් මේ සංවාදය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා අසාධිතවීමෙන් මිය යන පුද්ගලයන් ලෝකයේ භූමිදානය විය යුතු අකාරය සම්බන්ධයෙන්  කුමක් යෝජනා කර ඇත්දැයි සැලකිල්ලට ගැනීම වටි.  ලෝකයේ අනෙක් රටවල් ද මෙම  යෝජනා සැලකිල්ලට ගෙන සිරුරු වල අවසන් කටයුතු සිදුකරන බවට උදාහරණ ඇත.  ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් (WHO)  ඔවුන් යෝජනා කර ඇති පරිදි රෝගියාගේ කාමරයක සිට මරණ පරීක්ෂණ ඒකකයකට, මෘත ශරීරාගාරයකට, ආදාහනාගාරයකට හෝ සුසාන භූමියකට මාරු කිරීම සඳහා සිරුර සකස් කිරීම හා ඇසුරුම් කිරීම, වෙනුවෙන් නිර්දේශ කර ඇති ජාත්‍යන්තර නිර්දේශ අනුගමනය කරමින් අවසන් කටයුතු තාක්ෂණික උපදෙස් මත සිදුකිරීම කළ යුතුය. මෙහිදී සහභාගී වන සේවකයින් ,නිලධාරීන් මෙන්ම , අවසන් ආචර කිරීම් පිළිබදව ද උපදෙස් දක්වා තිබේ.

h1-italy-records-record-475-coronavirus-deaths-as-infections-continue-climbing

-1- Infection Prevention and Control for the safe management of a dead body in the context of COVID-19

91166310_10157786356994818_6523354431205933056_n

 

අනපේක්ෂිත අර්බුදයකින් මුළු ලොවම පීඩා විදිත්දී ජාතිවාදය වපුරාලීම හෝ ජාතිය ඇමක් කොට වෙනත් විශේෂ වරප්‍රසාද ලබා ගැනීමට මම අපේක්ෂා නොකළෙමි.

ආගම යනු ඔබට මට සියලු දෙනාට සංවේදී කරුණකි.

මරණයද එසේමය. මුස්ලිම් ජාතිකයකුගේ මරණයකදී අප විසින් අනුගමනය කරනු ලබන අනිවාර්‍ය චාරිත්‍ර වාරිත්‍ර තිබේ. මා දන්නා තරමින් ශ්‍රී ලාංකේය පාරිහාරිය බුදුසමයෙහි ද සංස්කෘතියෙහිද එවන් අවමංගල චාරිත්‍ර ඇත. Covid-19 වැලදීමෙන් අපගේ සහෝදර මුස්ලිම් ජාතිකයකු මිය ගිය අතර ඔහු මෙතෙක් අප අනුගමනය කරන ලද අනිවාර්‍ය අවමංගල චාරිත්‍රයන්ගෙන් තොරව ආදාහනය කිරීමට සිදුවීම බොහෝ මුස්ලිම් ජාතිකයන්ගේ කණගාටුවට හා කැලබීමට හේතු වූ කරුණක් විය.

සාමාන්‍ය ආකාරයෙන් චාරිත්‍ර ඉටු කිරීමට මෙය සාමාන්‍ය අවස්ථාවක් නොවේ. අප එය නොදන්නවා ද නොවේ. අප ජාතියේ ප්‍රධාන නියෝජිතයෙකු ලෙස ඊයේ එය එසේ වීමට හේතුව මට පැහැදිලි කිරීමට අවශ්‍ය විය. නමුත් එය බොහෝ දෙනෙක් වරදවා වටහා ගෙන තිබුණි. සැබැවින්ම මෙතන ප්‍රශ්නය ඇතිවූයේ ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම පිළිබඳව නොවේ.

මිගමුව භූමදානය කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිකුත් කල නීතිරීති වලට හෝ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිකුත් කළ චක්‍රලේඛ වලට අනුකූල නොවන්නේ ද නොවේ. ඒ බව අප දන්වා සිටි විට සෞඛ්‍ය බලදාරිහු මීගමුවේදි භූමදානය කිරීම නොකළ හැකි බවට සහේතුක හා සාධාරන කරුණු ඉදිරිපත් කළ අතර, මාලිගාවත්ත වෙත ගෙන ඒමට අපගේ ඉල්ලීම සහේතුකව ප්‍රතික්ෂේප කරන ලදී. 
ඉතිරි සටහන


මීගමුවේදී මියගිය මුස්ලිම් ජාතිකයාගේ  සිරුර භුමදානය කිරීම පිළිබදව  ඇතිවූ විවාදාත්මක තත්ත්වය සම්බන්ධයෙන්   ඊයේ වනවිට   මාධ්‍යෙව්දීන් සහ වෘත්තීයවේදීන් මෙන්ම සමාජ ක්‍රියාකාරිකයන්ද සිය මුහුණු පොත් වල අදහස් දක්වා තිබුණි. පහත පළවන්නේ ඔවුන්ගේ
Face Book පිටුවල දක්වා තිබූ අදහස් හා ප්‍රකාශයන් කිහිපයකි.

 

ලංකාදීප වාර්තාකරු – මාධ්‍යවේදි චන්දන ප්‍රනාන්දු
චන්දන

මාධ්‍යෙව්දී උපාලි ජයසිංහ –

මෙි ව‍‍ගේ අසීරු මොහොතක වසංගතයෙන් මිය ගිය මිනි්ස්සුන්ගෙ සිරුරු බදාගෙන වැළලෙන්න හදන්න එපා. පුචිචන එකට වඩා වළලනඑක නරකයි කියල. වසංගත රාශියකට මුහුණ දීල අත්දැකීමි සහගත ලෝක සෞඛ්‍ය සංවිධානය කෙහේවත් කියල නෑනෙ වළලන්න එපා කියල . එයාල කියල තියෙන්නෙ එකී සංස්කෘතික තත්වයන්ට අනුව අවම ඡනතා සහභාගිත්වයකින් මළ සිරුර නිරුවත් දෑතින් නොඅල්ලා ආරක්ෂයන් ලවා එය ආවරනය කර මිනීපෙටිටියට හෝ මළ සිරුර පොලිතීන් ආවරනය ඔතා දැඩි ආරක්ෂිතව වලදමන්න හෝ පුචිචන්න කියලයි.
මෙි අවස්ථා‍‍වෙ මුස්ලිමි ඡනතා නියෝඡිතයෙක් කිවූ දේකට ඔබ තුල සැගවිලා ඉන්න අර ඡාතිවාදී සතාව එළියට ගන්න එපා ! මොකද ඌව එළියට දැමිමොත් වසංගතයට වැඩි විනාශයක් රටටත් ලෝකයටත් සිද්ධවෙිවි. මෙි අවස්ථාව ඉතාම භයානක මොහොතක්. මිනිස්සු ඉන්නෙ කලකිරීමෙන් බඩගින්නෙන්, අවිනිශ්චිත තත්වයෙන් හා දැඩි භිතියෙන් ඔවුන් ඔනෑම දෙයක් කරන්න පුලුවන් අවස්ථාවක් මෙික.මිනිස්සුන්ව අවුස්සන්න හොදම මොහොත තමයි මෙි
ඒ මුස්ලිමි ඡනතා නියෝඡිතය කියල තියෙන්නෙ ඉස්ලාමි සංස්කෘතිය ඇති රටවල කොරෝනා වෛරසයෙන් මිය ගිය මිනිසුන්ගේ අවසන් කටයුතු කළ ආකාරය. ඒ ඉස්ලාමි ධර්මය අදහන මිනිසුන්ගේ රටවල වෛරසයෙන් මියගිය කිසිවෙකුගේ දේහයන් පුලුස්සා දමල නෑ ! අර ඡනතා නියෝඡිතය කියන්නේ ඒකයි. ඔවුන්ට විරුද්ධව ලෝක සෞඛ්‍ය සංවිධානයවත් වෛරස් රෝගය පිලිබද විශේෂඥ පිරිස්වත් විරෝදයක් දක්වල නෑ ! අර මුස්ලිමි නියෝඡිතය කියන්නෙ ඒකයි !


වෛද්‍ය අජිත් කරවිට  ( ලිංග්‍රාශ්‍රිත රෝග සම්බන්ධව විශේෂඥ වෛද්‍ය උපදේශක – අනුරාධපුර රෝහල  )

වෛදය-අජිත්-කරවිට


ආචාර්‍ය ලියනගේ අමරකීර්ති මහතා

ආචාර්්‍ය-ලියනගේ-අමරකීර්ති

මාධ්‍යෙව්දී සුනන්ද දේශප්‍රිය මහතා

මාධ්‍යෙව්දී-සුනන්ද-දේශප්‍රිය


මාධ්‍යවේදි උවිදු කුරුකුලසූරිය මහතා


උවිදු-කුරුකුලසූරිය

සාහිත්‍යෙව්දී ජනක ඉණිමංකඩ මහතා

සාහිතවේදී-ජනක-ඉණිමංකඩ

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article