කොරෝනා වෛරසය ආසාධනය වීම හේතුවෙන් මිය ගිය පළමු පුද්ගලයා වාර්තා වී ඇත්තේ මාරවිල ප්‍රදේශයනි.60 හැවිරිදි ඔහු මාරවිල – හත්තිනිය අරලිය උයන පදිංචිකරුවෙකි.සංචාරක මග පෙන්වන්නෙකු ලෙස සේවය කර ඇති ඔහු පසුගිය 16 වැනිදා කොළඹ උණ රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළත් වී ඇත.රෝහල් ගත වීමට පෙර ජර්මන් ජාතික කණ්ඩායමක් සමග ඔහු මෙරට සංචාරයේ නිරත වී ඇත බවටද තොරතුරු අනාවරණය වී ඇත. මේ හේතුවෙන් ඊයේ සිට මාරවිල ග්‍රාමසේවා වසම් 06කට ඇතුළ්විම සහ පිටවීම ආරක්ෂක අංශ විසින් නවතා ඇති බව වාර්තාවේ.
ඊයේ ( 28 වැනිදා) නාත්තන්ඩිය ගැමුණු මාවතේ පදිංචි 56 හැවිරිදි අයෙකුද කොරෝනා වෛරසය ආසාධනය වී ඇති අයෙකු බවට හදුනා ගෙන ඇත.රෝගී තත්ත්වයෙන් හලාවත මහා රෝහලට ඇතුළත් වී එම පුද්ගලයාව කොළඹ උණ රෝහලට මාරු කර යවා සිදු කරන ලද විමර්ශණයකින් මේ බව අනාවරණය වී ඇත.
මෙම පුද්ගලයා ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කරන අයෙකි.ඔහු විදෙස් ගතව සිට මෑතකදී දිවයිනට පැමිණ ඇත.මෙරටට පැමිණීමෙන් අනතුරුව හෙතෙම ආගමික වතාවත් වල නිරත වී ඇති බවත්,පවතින තත්ත්වය නිසා පීඩාවට පත්ව ඇති අයට වියලි ආහාර බෙදා දීමක් සිදු කර ඇති බවද සෞඛ්‍ය බලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත.
ඉහත කී තත්ත්වයන් හේතුකොටගෙන ඉහළ නාත්තන්ඩිය,පහල නාත්තන්ඩීය,මරද උතුර,මරද දකුණ,හාන්පන්විල යන ගම්වලට ඇතුළ්විම සහ පිටවීම තහනම් කර ඇත බව පොලිස් ආංරංචි මාර්ග සදහන් කරයි.