(11.50am) නාවික හමුදාව සහ සුරාබදු ඒකකය එක්ව ජනවාරි 31 වනදා යාපනය, මාදගල්තුරෙයි ප්රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් (01) අත්අඩංගුවට ගෙන ඇත. මෙම කේරළ ගංජා තොගය හමුවී ඇත්තේ යාපනය, මාදගල්තුරෙයි ප්රදේශයේ සිදු කළ වැටලීමකදී වන අතර සැක කටයුතු නිවසක් පරීක්ෂා කිරිමේදී එම නිවසේ සූක්ෂමව සගවා තිබූ කේරළ ගංජා කිලෝ ග්රෑම් 191 ක ප්රමාණයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සහ කේරළ ගංජා ප්රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු යාපනය, සුරාබදු ඒකකය විසින් සිදු කරනු ලබයි.