Saturday, January 18, 2025

කුලියාපිටියේ සභාපති කොළ පාටට හැරෙයි.

Must read

( ‍දෙවැනි අනාවරණය – 2015 ජූලි මස 11 වැනිදා පස්වරු 2.14)

”කුරුණෑගලින් තවත් පිල් මාරුවක් ” යන හිසින් යුතුව වයඹ ටුඩේ වෙබ් අඩවිය විසින් මීට පැය කිහිපයකට පෙරදී පළ කළ ප‍්‍රවෘත්තිය සැබෑ කරවමින් කුලියාපිටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් කැටවලගෙදර මහතා මීට සුඵ වේලාවකට පෙර එක්සත් ජාතික පක්ෂයට එක් විය.

1618407_1388659351404258_627103130_n

බොරැල්ල , කැම්බල් පිටියේදී දැන් පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී එක්සත් ජාතික පක්ෂයට එක් වූ මහතා මේ වන විට එජාප නායකයින් සමග එහිප‍්‍රධාන වේදිකාවෙහි අසුන්ගෙන සිටී .

වසර 10 කට අධික කාලයක් තිස්සේ කුලියාපිටිය ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස අඛණ්ඩවම කටයුතු කළ සම්පත් කැටවලගෙදර මහතා පසුගිය පළාත් පාලන මැතිවරණයේදීද කුලියාපිටිය ප‍්‍රාදේශීය සභාව වෙනුවෙන් වැඩිම මනාප ලබා ගත් අපේක්ෂකයා බවට පත් විය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමේ බලාපොරොත්තුවෙන් පසු වූ සම්පත් කැටවලගෙදර මහතා ඒ සදහා පූර්ව  ප‍්‍රචාරක කටයුතු පවා ආරම්භ කර තිබිණි. කෙසේ වෙතත් අවසන් මොහොතේදී ඒ මහතාට සන්ධානයෙන් නාමයෝජනා නොලැබී ගිය අතර මෙම පිල්මාරුවට හේතුවන්නට ඇත්තේද එම තත්වය බව ආරංචි මාර්ග කියයි. කැටවලගෙදර මහතා එක්සත් ජාතික පක්ෂයට එක්කරගැනීම පිළිබදව සියඵ කටයුතු සම්බන්ධීකරණය කර ඇත්තේ කුරුණෑගල එජාප නායක අකිල විරාජ් කාරියවසම් මහතා විසින් බව වයඹ ටුඩේ වෙත වැඩිදුරටත් වාර්තාවෙයි.

අද අඵයම් කාලයේදී අප වෙබ් අඩවිය විසින් මෙහි මුල් පුවත වාර්තා කරනු ලැබුවේ අකිල විරාජ් කාරියවසම් මහතාගේ කුලියාපිටිය නිවසේදී මෙම පිල්මාරුව පිළිබදව අවසන් සාකච්ඡා පැවැත්වෙමින් සිටියදීය.

කැටවලගෙදර මහතා විසින් මහ මැතිවරණයට ඉදිරිපත්වීමේ අපේක්ෂාවෙන් කුලියාපිටිය හා ඒ අවට ප්‍රදේශවල අලවා තිබූ පෝස්ටරයක් පහතින් දැක් වේ.

sampath

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article