Saturday, January 18, 2025

කුලියාපිටියේ ජනතාවත් හෙදියන්ගේ පැත්ත ගනිති.

Must read

වයඹ පළාත් සභාව යටතේ පාලනය වන රෝහල්වල සේවයේ නියුතු හෙද හෙදියන්ට ලබාදී ඇති බව කියන අවිධිමත් ස්ථානමාරු කිරීම්වලට විරෝධය පළකරමින් කුලියාපිටිය ප‍්‍රදේශවාසීහු පිරිසක් අද දහවල් කුලියාපිටිය මූලික රෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.

මෙම විරෝධතාවය සදහා භික්ෂූන් වහන්සේ , දේශපාලනඥයින් ඇතුඵ කුලියාපිටිය මූලික රෝහලෙන් සේවය ලබාගන්නා බව කියන ප‍්‍රදේශවාසීහු පන්සියයකට ආසන්න පිරිසක් එක් වී සිටියහ.

වයඹ පළාතේ රෝහල්වල දැනට සේවයේ යෙදී සිටින හෙද හෙදියන් කලක් තිස්සේ එම රෝහල්වලම සේවය කිරීම නිසා නගරයේ පමණක් නොව පිටිසර ගම් දනව්වලින් පවා ප‍්‍රතිකාර ලබාගැනීමට එන රෝහල්වලට පැමිණෙන රෝගීන් සමග සමීප සම්බන්ධතාවයකින් කටයුතු කිරීමට එම හෙද හෙදියන්ට හැකි වී ඇතැයි උද්ඝෝෂකයෝ මෙහිදී පැවසූහ.

කුලියාපිටිය මූලික රෝහල තුළ දැනට සේවයේ නියුතු හෙද කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙකුද ඒ වෙත පැමිණෙන රෝගීන් පෞද්ගලිකව දැන හදුනාගෙන තිබීමත් , ඒ හේතුවෙන් එම රෝගීන්ට වෛද්‍යවරුන් විසින් නියම කරන ප‍්‍රතිකාර පහසුවෙන් ලබාදීමේ හැකියාවක් ඇති බවද උද්ඝෝෂණයේ යෙදුණු පිරිස කීහ. එබැවින් කුලියාපිටිය මූලික රෝහලෙහි සේවයේ නියුතු වත්මන් හෙද කාර්ය මණ්ඩලය වෙනත් රෝහල් වෙත ස්ථානමාරුකර හැරියහොත් ප‍්‍රදේශවාසීන් ලෙස තමන් දැඩි අසීරුවට පත්වන බවත් විරෝධතාකරුවෝ වැඩිදුරටත් පැවසූහ.

වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබාදී ඇති බව කියන මෙම හෙද ස්ථාන මාරුවීම් වහා අවලංගු කරන්නැයි ඉල්ලා වයඹ පළාත තුළ පිහිටි රජයේ රෝහල්වල හෙද නිලධාරීහු පසුගිය 04 වැනිදා අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කළ අතර එම වැඩවර්ජනයට මේ දක්වාම ක‍්‍රියාත්මක වෙමින් පවතී.

මෙම වැඩවර්ජනය සදහා කුරුණෑගල ශික්ෂණ රෝහල සහ හලාවත මහ රෝහල හැර වයඹ පළාත තුළ පිහිටි අන් සියඵම රෝහල්වල හෙද කාර්ය මණ්ඩල එක් වී සිටින අතර එම රෝහල්වල හදිසි අනතුරු ඒකක, සූතිකාගාර, දැඩි සත්කාර ඒකක ඇතු`ඵ අත්‍යාවශ්‍ය සේවා හැර අන් සියඵ රෝහල් සේවාවලින් හෙද කාර්ය මණ්ඩල මේ වනවිට බැහැර වී සිටිති.

මේ නිසා වයඹ පළාතේ පිහිටි රෝහල් ගණනාවක වාට්ටු ප‍්‍රතිකාර, සායන ඇතුලූ දෛනික රෝහල් කටයුතු ගණනාවක් අඩපණ වී ඇති බව වයඹ ටුඩේ වෙත වාර්තා වෙයි.

කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ  

H01 copy H02 copy H3 copy H2 copy H5 copy H6 copy H7 copy

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article