Monday, November 25, 2024

කුරුණෑගල මෝටර් රථ ප‍්‍රවාහන කාර්යාලය මල්කඩුවාවට යයි.

Must read

දැනට අඩු ඉඩ පහසුකම් මැද පවත්වාගෙන යනු ලබන මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ කුරුණෑගල දිස්ත‍්‍රික් කාර්යාලය මල්කඩුවාව ප‍්‍රදේශයේ පිහිුටි ඉඩ පහසුකම් සහිත ස්ථානයක වෙත ගෙනයාමට බලාපොරොත්තු වන බව ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවැසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ කුරුණෑගල දිස්ත‍්‍රික් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවකට පෙරේදා ( 27 දා ) එක්වීමෙනි.

දිස්ත‍්‍රික් කාර්යාලයෙන් සිදුකෙරෙන රියදුරු බලපත‍්‍ර නිකුත් කිරීමේ ක‍්‍රියාවලිය , වාහන අංක තහඩු නිකුත් කිරීමේ ක‍්‍රියාවලිය ඇතුලුව මහජනතාව වෙත සැපයෙන සේවාවන් පිළිබදව මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය. එහිදී අමාත්‍යවරයා වෙත කරුණු දැක් වූ මෝටර් රථ ප‍්‍රවාහන සහකාර කොමසාරිස් ටී. එම්. ජී. තෙන්නකෝන් මහතා කුරුණෑගල දිස්ත‍්‍රික් කාර්යාලයෙන් මාසිකව රියදුරු බලපත‍්‍ර 3500 කට වැඩි ප‍්‍රමාණයක් නිකුත්කෙරෙන බවත්, මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවා ඇති දිස්ත‍්‍රික් කාර්යාලවලින් වැඩිම රියදුරු බලපත් ප‍්‍රමාණයක් නිකුත් කෙරෙන්නේ කුරුණෑගල කාර්යාලයෙන් බවද පැවසීය. නමුත් එම කාර්යාලයේ දැනට පවතින ඉඩ පහසුකම් ප‍්‍රමාණවත් නොවීම හේතුවෙන් සේවාව ලබාගැනීමට පැමිණෙන මහජනතාව මෙන්ම සේවා සපයන නිලධාරීන්ද අපහසුතාවයට පත් වී සිටින බව පැවසීය.

එහිදී අදහස් දැක් වූ නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ කුරුණෑගල දිස්ත‍්‍රික් කාර්යාලය ඉඩ පහසුකම් සහිතව අලූතින් ඉදිකිරීම සදහා මල්කඩුවාව, හාල් පාරේ පිහිටි රජයේ ඉඩමකින් අක්කර පහක පමණ භුමි ප‍්‍රමාණයක් වෙන්කරන බවත්, එම කාර්යාල සංකීර්ණය ඉදිකිරීම සදහා එළැඹෙන වසරේ අයවැය හරහා මුදල් වෙන්කරගැනීමට බලාපොරොත්තු වන බවද පැවසීය.

rmv_7 rmv_1 rmv_2 rmv_3 rmv_4 rmv_5 rmv_6

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article