ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් කුරුණෑගල මලියදේව පිරිමි විදුහල ඉදිරිපිට ඉදිකරන ලද නව මගී උමං මාර්ගය නිල වශයෙන් සිසු – ජනතා අයිතියට පත් කිරීම පසුගිය දා (05)සිදුවිය.
රුපියල් ලක්ෂ 650 ක මූල්‍ය ප්‍රතිපාදන වැය කරමින් ඉදිකිරීම් නිම කරන ලද මෙම මගී උමං මඟ මලියදේව පාසලේ සිසු දරුවන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම විශේෂත්වයකි. රිය අනතුරු බහුල, අධික ජන ගණත්වයක් පවතින , විශාල රථ වාහන සංඛ්‍යාවක් ගමනාගමනයේ යෙදෙන මෙම මාර්ගය යටින් හරහා ආරක්ෂිතව ගමන් කිරීමට නව උමං මාර්ගය උපකාරී වේ.
මෙම අවස්ථාවට මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් එස්.එම්.පී. සූරියබණ්ඩාර මහතා, මලියදේව විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු අචාර්ය මණ්ඩලය හා සිසු දරුවෝ ද එක්ව සිටියහ. මෙම පාසලේ ආචාර්ය මණ්ඩලය සිසු දරුදැරියන්ගේ දෙමාපියන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ සහභාගී වු සියලුම නිලධාරීන් මෙන්ම ගම්වැසියෝ ද මේ මහඟු කටයුත්ත පිලිබඳව ප්‍රශංසා මුඛයෙන් කතා කලහ.
.news.lk