Sunday, November 24, 2024

කුරුණෑගල නගරාධිපති ඡන්ද විමසීමේ ප‍්‍රතිඵල මෙන්න !

Must read

mck_mayor_vote_2

කුරුණෑගල මහ නගර සභාව සදහා නව නගරාධිපතිවරයෙකු සහ උප නගරාධිපතිවරයෙකු තෝරාපත් කරගැනීම සදහා පැවැති මහ සහා රැස්වීම මීට ටික වේලාවකට පෙර අවසන් විය.

එහිදී කුරුණෑගල මහ නගර සභාවේ අභිනව නගරාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන තුෂාර සංජීව විතාරණ මහතා තේරී පත් වූ අතර, උප නගරාධිපතිවරයා ලෙස එම පක්ෂයේම සුමිත් උඩවාසල මහතා තේරී පත්විය.

වයඹ පළාත් පාලන කොමසාරිස් රන්ජන් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඡන්ද විමසීම සිදුකෙරිණි. නගරාධිපතිවරයා තෝරාගැනීම රහස් ඡන්දයකින් සිදුකළ යුතුදැයි ,එසේත් නොමැති නම් විවෘත ඡන්දයකින් කළ යුතු දැයි තීරණය කිරීම සදහා සභාව තුළ පළමු ඡන්ද විමසීම සිදු වූ අතර, එහිදී රහස් ඡන්දයකට පක්ෂව ඡන්ද 10 කුත්, විවෘත ඡන්දයකට පක්ෂව ඡන්ද 09 කුත් ලැබී තිබිණි. ඒ අනුව නගරාධිපතිවරයා තෝරාගැනීම රහස් ඡන්දයකින් සිදුකළ යුතු බවට සභා රැස්වීමේ මුලසුන හෙබ වූ වයඹ පළාත් පාලන කොමසාරිස්වරයා තීරණය කළේය.

නගරාධිපති ධූරය සදහා මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ නම් යෝජනා වූ අතර, සුමිත් උඩවාසල මහතා විසින් තුෂාර සංජීව මහතාගේ නම යෝජනාකිරීමෙන් පසුව සමුද්‍රා බාලසූරිය මහත්මිය විසින් එය ස්ථිර කළාය. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් නගරාධිපති ධූරය සදහා වරුණ ප්‍රේමරත්න මහතාගේ නම ඩිලාන් ලිවේරා මහතා විසින් යෝජනා කළ අතර ත්‍යාගරාජා ක්‍රිෂ්ණපාල මහතා එය ස්ථිර කළේය. අනතුරුව රහස් ඡන්ද විමසීම සිදු වූ අතර, එහිදී මන්ත්‍රීවරුන් 11 දෙනෙකුගේ ඡන්ද ලබාගනිමින් තුෂාර සංජීව මහතා නගරාධිපති ධූරය සදහා තේරී පත් වූ අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ වරුණ ප්‍රේමරත්න මහතාට ලබාගත හැකිවූයේ ඡන්ද 09 ක් පමණි. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයා ඡන්දය ලබාදීමෙන් වැළැකී සිටියේය.

අනතුරුව නියෝජ්‍ය නගරාධිපති තනතුර සදහා තවත් ඡන්ද විමසීමක් සිදු වූ අතර එම තනතුර වෙනුවෙන් නම් තුනක් යෝජනා විය. ඒ සුමේධ අරුණශාන්ත, සමන් කුමාර කරුණාරත්න සහ සුමිත් උඩවාසල යන මන්ත්‍රීවරුන්ගේ නම්ය. සුමේධ අරුණශාන්ත මහතා නියෝජ්‍ය නගරාධිපති ධූරයට තරග කිරීමෙන් ඉල්ලා අස් වූ අතර සෙසු අපේක්ෂකයින් දෙදෙනා අතර ඡන්ද විමසීම සිදුකෙරිණි. එහිදී සුමිත් උඩවාසල මහතා ඡන්ද 10 ක් ලබාගනිමින් නියෝජ්‍ය නගරාධිපති තනතුරට තේරී පත් වූ අතර, ප්‍රතිවාදී සමන් කුමාර මහතාට ලැබී තිබුණේ ඡන්ද 09 ක් පමණි.

mck_vote_1

mck_vote_2

mck_vote_3

mck_vote_4

mck_vote_5

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article