Saturday, January 18, 2025

කුරුණෑගල නගරාධිපති ඉදිරියේ හැමදාම නැමෙන නීතිය ???

Must read

තුෂාරසංජීවකුරුඊයේ (30) වනදා  කුරුණෑගල නගරාධිපතිව තුෂාර සංජීව විතාරණ මහතාගේ  උපන්දින සැමරුම කුරුනෑගල පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණි.  මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර ඇති බව ඊයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරන ලදී. රටේ නීරෝධායන නීති කඩකරමින් සාද පැවැත්වූ ජනප්‍රිය චරිත දෙකක්  අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරියේ ඊයේ වන අතර වෙනත් දිනපතා නීරෝධායන නීති කඩකරන පුද්ගලයින් දිනපතා අත්අඩංගුවට ගනු ලබයි.  මෙම නගරාධිපතිවරයා ගැන විශේෂයෙන් සොයාබලන්නට අවශ්‍ය නොවන්නේ පොලසිය තුළදීම කේක් කැපූ ආකාරය රටටම දැකගත හැකිවූ නිසාය. එසේ නම් ඔහුව අත්අඩංගුවට ගැනීමට ප්‍රමාදයක් ඇයි ? පාරේදී හමුවන නීරෝදායාන නීති කඩකරන සාමාන්‍ය ජනතාව එවෙලේම ජීප් රථයට නංවාගෙන යන රටක නීතිය කැඩූ නගරාධිපතිවරයා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නට කුරුණෑගල පොලීසියට තව දවස් කීයක් ඕනෑද?
නගරාධිපති තුෂාර විතාරණ යනු  මීට පෙරද නීතියෙන් දඩුවම් ලැබීමට තිබූ එහෙත් දේශපාලන රැකවරණය නොමදව ලැබෙන පුද්ගලයෙකි. කුරුණෑගල තිබූ ඓතිහාසික වටිනාකමක් ඇති රාජසභාව කෑඩු අවස්තාවේදී  රටේ මහජන විරෝධයක්ද ඇතිවූ අතර ඔහුගේ මයිලකටවත් අතතැබීමට ඉඩනොදෛන බව ඒ පළාතේ ප්‍රබලයෙකු පවසා තිබුණි. එපරිදම ඔහුව අත්අඩංගුවට ගැණුනේ නැත. පසුව කුරුණෑගල නගර මධ්‍ය යේ  තිබූ උද්‍යාංගනයේ තිබූ වටිනා ගස්වර්ග කපාදමා සිදුකළ විනාශය. එතනදි ද නීතිය ක්‍රියාත්මක වූයේ දඩුවම් ලැබිය යුත්තාට නොවේ.
දැන් යලිත් අවස්ථාවක් කුරුණෑගල නගරාධිපතිවරයා නීතියට අභියෝග කොට තිබේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article