කුරුණෑගල ඇත්කද විහාරය ඉදිරිපිටදී තිදෙනෙකු මරුකැදවමින් ඊයේ අඵයම සිදු වූ ත‍්‍රීරෝද රථ අනතුරෙහි උණුසුම මැකීයාමටත් පෙර , කුරුණෑගල – දඹුල්ල ප‍්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ තවත් ත‍්‍රීරෝද රථයක් බක්මීගොල්ල මංසන්ධියේ ගසක හැපී පොඩිපට්ටම් වී තිබුණේ මෙසේය.
ඊයේ (27 දා ) පස්වරු 6 ට පමණ සිදු වී ඇති මෙම මෙම අනතුරින් ත‍්‍රිරෝද රථය පොඩිපට්ටම් වී ගිය නමුත් එතුළ ගමන්කරමින් සිටි වයස අවුරුදු දෙකක් පමණ වන කුඩා දරුවෙකු ඇතුලූ සිව්දෙනෙකු සීරීම් තුවාලයක් හෝ නොලබා දිවි ගලවාගැනීමට තරම් වාසනාවන්ත වූහ.
ත‍්‍රිරෝද රථය ඉදිරියට පැන්න බල්ලෙකු යටනොකර බේරාගැනීමට උත්සාහ කිරීමේදී රථය පාරෙන් ඉවතට පැන අසල පිහිටි මාර ගසක වැදුණූ බව ත‍්‍රීරෝද රථ රයදුරා කීය.
මෙලෙස අනතුරට පත් වූයේ ඇත්තේ කුරුණෑගල සිට හබරණ දක්වා ගමන් ගත් එකම පවුලේ සාමාජිකයින් පිරිසක් ගමන් ගමන් කරමින් සිටි ත‍්‍රීරෝද රියකි.
ගොකරැල්ල පොලිසිය මෙම අනතුර පිළිබඳ පරීක්‍ෂණ පවත්වයි.
ඡායාරූප සහ විස්තර – ඉබ්බාගමුව සම්පත් සෙනවිරත්න