Saturday, January 18, 2025

කුරුණෑගල එජාප රැළියේ පිටිය මාරුවෙයි.

Must read

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පස්වරුවේ ආරම්භ වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත‍්‍රික් අවසන් මහා රැළිය පැවැත්වෙන ස්ථානය හිටි අඩියේ වෙනස් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත‍්‍රික් අපේක්ෂක අශෝක් අබේසිංහ මහතා විසින් සංවිධානය කරනු ලබන මෙම රැළිය පැවැත්වීමට නියමිතව තිබුණේ කුරුණෑගල මාළිගාපිටියේදීය. නමුත් මේ වන විට එම රැළිය කුරුණෑගල සත්‍යවාදී පිටිය වෙත මාරු කරනු ලැබ ඇති අතර සත්‍යවාදී ඉඩම මේ වන විට ලහිලහියේ එජාප රැළිය සදහා සූදානම් කෙරෙමින් පවතී.

මේ වන විට කුරුණෑගල නගරය පුරා අලවා ඇති පෝස්ටර්වල පවා සදහන් වන්නේ එම රැළිය පැවැත්වෙන්නේ මාළිගාපිටියේ බවය. කෙසේවෙතත් මාළිගාපිටිය ක‍්‍රීඩාංගණය මධ්‍යයේත් මේ වන විට වේදිකාවක් ඉදිකෙරෙමින් පවතින අතර ඒ පිළිබදව අප කළ විමසීමකදී එහි ඉදිකිරීම් කරන සේවකයින් පැවසුවේ එය 14 වැනිදා පැවැත්වෙන සන්ධාන රැළිය වෙනුවෙන් ඉදිකරනු ලබන වේදිකාවක් බවය .

හදිසියේ සිදු කළ පිට්ටනි මාරුව පිළිබද කුරුණෑගල දිස්ත‍්‍රික් අපේක්ෂක අශෝක් අබේසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප‍්‍රකාශ කළේ කරුණු කිහිපයක් පදනම් කරගනිමින් එජාප රැළිය සත්‍යවාදී පිටිය වෙත මාරුකරනු ලැබූ බවයි. යහපාලනයට ඉඩදෙමින් තමන් විසින් වෙන්කරගෙන තිබූ මාළිගාපිටිය සන්ධාන රැස්වීම පැවැත්වීම සදහා කැමැත්තෙන්ම ලබාදුන් බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

මාළිගාපිටිය ක‍්‍රීඩාංගණය මධ්‍යයේ ඉදිකෙරෙමින් පවතින වේදිකාව

photo 3 copyකුරුණෑගල නගරය පුරා අලවා ඇති පෝස්ටර්

photo 2 copy

photo 1 copy

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article