Saturday, November 23, 2024

කීරියන්කල්ලියේ පිහිටි විදුලි පාරිභෝලික සේවා මධ්‍යස්ථානය තාවකාලිකව වසාදැමෙයි

Must read

 

01 (1)

මුන්දලම – කීරියන්කල්ලියේ පිහිටි විදුලි පාරිභෝලික සේවා මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමීමට මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කර ඇත.

කීරියන්කල්ලිය විදුලි පාරිභෝලික සේවා මධ්‍යස්ථානයේ සේවය කරන රියදුරෙකු කොවිඩ් ආසාධිතයෙකු ලෙස හදුනා ගැනීමෙන් අනතුරුව සෞඛ්‍ය  නිලධාරීන් විසින් මෙම තීරණය ගෙන ඇත.හදුනා ගෙන ඇති එම ආසාධිතයගේ පවුලේ සියළුම දෙනා කොවිඩ් ආසාධිතයින් බවට මේ වන විට හදුනා ගෙන ඇත.

ඒ අනුව කීරියන්කල්ලිය විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ සේවය කරන සියළුම දෙනා නීරෝධායනයට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.නීරෝධායනයට ලක් කර ඇති පිරිස සදහා පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වීමට නියමිතව ඇත.

වසා දමා ඇති කීරියන්කල්ලිය විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ කටයුතු හලාවත – තිඹිල්ල පිහිටි විදුලි බල මණ්ඩලයට අයත් කාර්යාලයක් වෙත තාවකාලිකව ගෙන ගොස් ඇති බව හලාවත විදුලි ඉංජිනේරුවරයා සදහන් කළේය.


 

ජුඩ් සමන්ත

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article