ෙකුරුණෑගල – මාතලේ මාර්ගයේ ඉබ්බාගමුව, කිරිදිගල්ල ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් ත්‍රිරෝද රථයෙහි ගමන් කරමින් සිටි කුඩා දරුවෙකු ඇතුලු තිදෙනෙකු අද (14 දා) පස්වරුවේ රෝහල් කළහ.
අනතුරට ලක් වූ පිරිස මදුරාගොඩ, කදුපළාත ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ මව , පියා සහ පුත්‍රයා වෙයි. අනතුර සිදුවන අවස්ථාව වන විට ඔවුන් සමග ත්‍රිරෝද රථයෙහි ගමන් කරමින් සිටි තවත් ඥාති තරුණයෙකු තුවාල නොලබා අනතුරින් ගැලවීමට සමත් වී තිබේ. මෙම පිරිස ඥාති නිවසක් වෙත ගොස් ආපසු නිවස බලා එන අතරතුර ඇති වූ යම් අවශ්‍යතාවයක් සදහා මාර්ගය අයිනට කර ත්‍රිරෝද රථය නවතාගෙන සිටියදී මාතලේ දෙසින් පැමිණි මෝටර් රථය ත්‍රිරෝද රථයෙහි මුහුණට මුහුණලා ගැටී තිබේ.
අනතුරින් තුවාල ලැබූ පිරිස රිදීගම දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ත්‍රිරෝද රථය පැදවූ බව කියන පියා අසාධ්‍ය තත්වයේ පසුවීම හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ. මෝටර් රථය පැදවූ පුද්ගලයා ගොකරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.