Sunday, January 19, 2025

කිරි මව්වරුන් විදේශගතවීම වැළැක් වූ පවුල් පසුබිම් වාර්තාවේ නීති රීති ලිහිල් වෙයි.

Must read

fbr
වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින කාන්තාවන් විදේශගතවීමේදී ඔවුන් වෙත නිකුත්කෙරෙන පවුල් පසුබිම් වාර්තාවට අදාළව දැනට පනවා ඇති නීතිරීති විශාල ප‍්‍රමාණයක් ඉදිරි දින කිහිපය තුළදී සංශෝධනය කරන බව විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය කියයි.

ඇමැතිවරිය මෙම අදහස් පළකළේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වයඹ පළාත් කාර්යාලයේ නව සේවා ස්ථානය පසුගියදා කුරුණෑගලදී විවෘත කිරීමෙන් අනතුරුව පැවැති විදේශ රැකියා නියෝජිත ආයතන හිමියන්ගේ හමුවක් අමතමිනි.

පවුල් පසුබිම් වාර්තාව මගින් මෙරට ජනතාවගේ මානව හිමිකම් කඩ වී ඇති බවට ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙකු හරහා වාර්තාවක්ද ලබා දී ඇතැයි කී ඇමැතිවරිය ජාත්‍යන්තර සංක‍්‍රමණික සංගමයද පවුල් පසුබිම් වාර්තාව හරහා පුද්ගලයින් සතු අයිතියක් උල්ලංඝණය වී ඇති බවට ප‍්‍රකාශ කර ඇති බවද කීවාය. එමෙන්ම තවත් පිරිසක් විසින් දූෂිත සහ වංචනික ක‍්‍රියාවන් හරහා මුදල් ඉපයන මාර්ගයක් බවට පවුල් පසුබිම් වාර්තාව පත්කරගෙන සිටින බවද ඇමැතිවරිය කීවාය. මෙම තත්වයන් සලකාබලා දැනට පවුල් පසුබිම් වාර්තාව නිකුත්කිරීමේදී ක‍්‍රියාත්මක කෙරෙන ක‍්‍රමවේදයේ ඇති බරපතල තත්වය සැහැල්ලු කිරීම පිණිස තමන් විසින් කැබිනට් මණ්ඩලයට කරුණු දැක්වූ බවද ඕ කීවාය. එම කරුණු දැක්වීමෙන් අනතුරුව ඒ සදහා කමිටුවක් පත්කර පවුල් පසුබිම් වාර්තාව සම්බන්ධයෙන් ගතයුතු හොදම පියවර ගැනීම සදහා ජනාධිපතිවරයා තමන් වෙත උපදෙස් ලබාදුන් බවද පැවසීය. එබැවින් පවුල් පසුබිම් වාර්තාව සම්පූර්ණයෙන්ම ඉවත්කළ නොහැකි වුවත්, ඊට අදාළව පනවා තිබූ තහංචි ගණනාවක් ඉදිරි දින කිහිපය තුළදී ඉවත්කරන බවද ඇමැතිවරිය කීවාය. මෙය තමන්ගේ තනි තීරණයක් නොවන බවත් තම අමාත්‍යංශයේ සහ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡාකිරීමෙන් පසුව ලබාගත් තීරණයක් බවද ඇමැතිවරිය වැඩිදුරටත් කීවාය.

එමෙන්ම වයස සහ සිවිල් තත්වයන් වැනි තොරතුරු වෙනස්කර වංචනික ලිපි ලේඛණ සකසා කාන්තාවන් විදේශගතකරවීම හේතුවෙන් ශ‍්‍රී ලංකාව මිනිස් ජාවාරමේ යෙදෙන රටක් බවට ජාත්‍යන්තරය විසින් මේ වනවිට නම් කර යම් අනතුරු ඇගවීමක්ද නිකුත් කර ඇති බවද ඇමැතිවරිය වැඩිදුරටත් කීවාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article