Sunday, November 24, 2024

කාන්තාවක් පැහැරගෙන යමින් සිටි අයෙකු පොලිස් මෙහෙයුමකින් අල්ලයි.

Must read

No, this can't be happening!!

සුඛෝපබෝගී මෝටර් රථයකින් කාන්තාවක් පැහැරගෙනයන යමින් සිටි බව කියන අයෙකු, මාර්ග බාධක යොදා කළ මෙහෙයුමකදී ගිරිඋල්ල පොලිසිය විසින් පෙරේදා (01 ) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගැණුනේ වීරපොකුණ, බිංගිරිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. පැහැරගෙන යමින් සිටි බව කාන්තාව කන්තලේ ප‍්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතික එක්දරු මවක් බව පොලිසිය කියයි.

සැකකරු සිය මව්පියන් සමග දිගු කලක් ඉතාලියේ ජීවත්වෙමින් සිටින අතර, නිවාඩුවක් සදහා මව සමග ලංකාවට පැමිණ සිටියදී මෙම සිදුවීමට මුහුණ දී තිබේ. මෙම සැකකරු, පැහැරගත් කාන්තාව සමග ඔහුගේ මෝටර් රථය තුළ දින කිහිපයක් ගතකර ඇති බවත්, ආහාරපාන ගැනීම් මෙන්ම මළ මුත්‍ර බැහැර කිරීම්ද භාජන යොදාගෙන මෝටර් රථය තුළදීම සිදුකර ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වි තිබේ. අත්අඩංගුවට ගත් මෝටර් රථයේ තිබී රුපියල් ලක්‍ෂ 4 ට අධික මුදලක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර එම මුදලම මෙම දෙදෙනාම අයිතිවාසිකම් කියන බවද පොලිසිය කියයි.

කාන්තාව පැහැරගැනීමෙන් පසු මෙම පුද්ගලයා කුරුණෑගල සිට වාරියපොල සහ හෙට්ටිපොල නගර හරහා මෝටර් රථයෙන් ගමන්කර ඇති බවත්, වාරියපොල ප්‍රදේශයේදී මෙම කාන්තාව හිස ඉවතට දමා කෑ ගැසීමත් සමග මෝටර් රථය කුලියාපිටිය, නාරම්මල හරහා වේගයෙන් ධාවනය කළ බවටත් සැකකරු පොලිසියට ප‍්‍රකාශ කර තිබේ. අදාල කාන්තාව කෑ ගසනු දුටු මහජනතාව විසින් කළ දැනුම්දීම්වලට අනුව හෙට්ටිපොල, කුලියාපිටිය සහ නාරම්මල පොලිසිවල නිලධාරින් විසින් එම මෝටර් රථය නවතා ගැනීමට පොලිස් ජීප් රථවලින් ලුහුබැද තිබූ නමුත් අධික වේගය හේතුවෙන් මෝටර් රථය නවතාගැනීමට හැකි වී නැත. ගිරිඋල්ල පොලිසිය විසින් මග හරස්වන අයුරින් ලොරියක් යොදා ඉදිකර තිබූ මාර්ග බාධකයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී පාලමක සහ යකඩ පුවරුවක ගැටී නැවැතුණු මෝටර් රථයේ සැකකරු සහ කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කාන්තාව රැගෙන පලා යන අතරතුරදී මෙම මෝටර් රථය ගැටීමෙන් වාරියපොල ප්‍රදේශයේදී රිය අනතුරු දෙකක් සිදු වී ඇති බවද පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර පැහැරගත් බව කියන කාන්තාව ප‍්‍රතිකාර සදහා දඹදෙණිය දිසා රෝහලට ඇතුළත් කර තිබේ. කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල කඩුපිටිය මහතාගේ උපදෙස් මත හෙට්ටිපොල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සුජීව සොයිසා, කුලියාපිටිය මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අජිත් ප‍්‍රියන්ත, නාරම්මල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නාමල් පෙරේරා, ගිරිඋල්ල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ප‍්‍රසාද් මදනායක යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායම් හතරක් විසින් සැකකරු අත්අඩංගුවට ගත්හ.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article