Saturday, January 18, 2025

කල්පිටිය නාවුක හමුදා කඳවුරක සෙබළුන් දෙදෙනකු අතර වෙඩි හුවමාරුවක්

Must read

shooting(8.50am) කල්පිටිය – මොහෙත්තුවාරම දූපතේ නාවුක හමුදා කදවුර තුළ සිදුවී ඇති වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව කල්පිටියෙන් වාර්තා වේ. 28 වැනිදා රාත්‍රී 12.00 ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර ඇත. මෙම වෙඩි තැබිමෙන්  මිය ගොස් ඇත්තේ නාවුක හමුදා සෙබළුන් බව පොලීසිය පවසයි.  මිය ගොස් ඇත්තේ සුළු නිලධාරී විජේවීර නම් අයෙකි. තුවාල ලබා ඇති බල නැවි කුමාරසිංහ සහ නාවුක ඉංජිනේරු අතුකෝරල යන  අයවළුන් ප්‍රතිකාර සදහා කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පුත්තලම මූලික රෝහලට මාරු කර යවා ඇත.

වෙඩි තැබීම සිදු කළ බව කියන නාවුක හමුදා සෙබළෙකු ගිනි අවියක්ද සමග පලා ගොස් ඇත.ඔහු මොහෙත්තුවාරම දූපතේ ඇති කඩොල් කැලෑවක් තුළ සැගවී සිටින බවට තොරතුරු ලැබී ඇත.ඒ අනුව නාවුක හමුදා අණු කණ්ඩ කීපයක්ම ඔහු සොයා රාත්‍රී කාලයේම විමර්ශණයක් ආරම්භ කර ඇත.

රාජකාරි ගැටළුවක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව වෙඩි තැබීම සිදු කර ඇති බව මූලික විමර්ශණ වලදී හෙලිවී ඇත.

කල්පිටිය පොලීසිය සහ නාවුක හමුදාව වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.


ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article