Sunday, January 19, 2025

කප්පම් මුදලින් කුමාර ජීවිතයක් ගෙවූ පොඩි සාගර ‘කළ පව්‘ මෙන්න !

Must read

podi_sagara 2අපරාධ ගණනාවකට සම්බන්ධ පාතාල සාමාජිකයෙකු බව කියන මානික්කුගේ සුමිත් දයාරත්න හෙවත් පොඩි සාගර නැමැත්තා සිය ජීවිත කාලය තුළදී සිදු කළ බව කියන මනුෂ්‍ය ඝාතන 07 ක් පිළිබදව සවිස්තරාත්මක තොරතුරු අනාවරණය කරගැනීමට වයඹ ටුඩේ වෙබ් අඩවියට හැකි විය. මෙම මනුෂ්‍ය ඝාතන සම්බන්ධ නඩු ගණනාවක් මේ වන විට මීගමුව සහ ගම්පහ මහාධිකරණයන් හමුවේ විභාගවෙමින් පවතින අතර එම නඩුවල නඩු අංකද මෙහි දක්වා තිබේ.

01. 2004 ඔක්තෝම්බර් මස 04 වැනිදා කටුනායක පොලිස් වසමට අයත් හීනටියන ප‍්‍රදේශයේදී තුෂාර සුරංග සිල්වා නොහොත් ලොක්කයියා වෙඩි තබා ඝාතනය කිරීම.  (මීගමුව මහාධිකරණය නඩු අංක 445/2011)

02. 2005 සැප්තැම්බර් මස 13 වැනිදා කටුනායක පොලිස් වසමට අයත් හීනටියන ප‍්‍රදේශයේදී දියනාදුරගේ ජගත් රූපසිංහ වෙඩි තබා ඝාතනය කිරීම. (මීගමුව මහාධිකරණය නඩු අංක 358 /2011)

03. 2005 සැප්තැම්බර් මස 26 වැනිදා ගම්පහ පොලිස් වසමට අයත් උඩුගම්පොළ ප‍්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා ඝාතනය බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු සහ සිරකරුවෙකු ඝාතනය කිරීම. (ගම්පහ මහාධිකරණය නඩු අංක 72/2009)

04 .2015 නොවැම්බර් මස 04 වැනිදා සීදූව පොලිස් වසමට අයත් මුතුවාඩිය ප‍්‍රදේශයේදී තුෂාර උඩවෙල හේවගේ නලින්ද උදයකුමාර වෙඩි තබා ඝාතනය කිරීම.  (මීගමුව මහාධිකරණය නඩු අංක 1998/2015)

මීට අමතරව මනුෂ්‍ය ඝාතන ඇතුඵ තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් සුමිත් දයාරත්න හෙවත් පොඩි සාගර නැමැත්තා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි බව පොලිසිය කියයි.

අංක 19, බෝධිරාජ මාවත, මාදූව කටුනායක යන ලිපිනයේ පදිංචි පොඩි සාගර නැමැත්තා මිනිසුන් බියවද්දා ලබාගත් කප්පම් මුදල්වලින් කුමාර ජීවිතයක් ගතකර ඇතැයිද, එයින් වැඩි මුදලක් සූදු කෙළීම පිණිස වැයකර ඇතැයිද පොලිසිය කියයි. එමෙන්ම කප්පම් ඉල්ලා දිගින් දිගටම සිදුකෙරෙන ඔහුගේ තර්ජනයන් හේතුවෙන් මීගමුව සහ කටුනායක ප‍්‍රදේශවල ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු එම ප‍්‍රදේශවලින් පලාගොස් දිවයිනේ වෙනත් ප‍්‍රදේශවල සැගවී දිවි ගෙවමින් සිටි ඇති බවද වාර්තා වෙයි.

ඡායාරූපය – නිව්ස් ෆස්ට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article