(09.03am) පසුගිය 19 වැනිදා කිසියම් අයෙකු විසින් පුත්තලම – අනුරාධපුර මාර්ගයේ සහ පාලාවිය ප්‍රදේශයේ පිහිටි කතෝලික දේව ප්‍රතිමා දෙකක ආවරණ වලට ගල් ප්‍රහාරයක් එල්ල කර අලාභ හානි සිදු කර තිබුණි.
ප්‍රහාරයෙන් ප්‍රතිමා වලට හානි සිදු වී නැත. මෙම ගල් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ව ජුනි මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත්වරයා 23 වැනිදා නියෝග කළේය.
මෙම පුද්ගලයා පුත්තලම – කිරිවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පා පැදියකින් පැමිනෙන පුද්ගලයෙකු එක් වරම ප්‍රතිමා දෙසට ගල් ප්‍රහාරයක් එල්ල කර පලා යන ආකාරය එක් ආරක්ෂිත කැමරාවක සටහන්වී තිබී ඇත. ඒ අනුව ගල් ප්‍රහාරය එල්ල කරන ලද පුද්ගලයාව පොලීසිය විසින් හඳුනා ගෙන ඇත.
ජුඩ් සමන්ත.