ඕස්ට්‍රේලියන් වංචාවට හසුවූ 30 දෙනා 18 දක්වා බන්ධනාගාරගතකරයි
නිති විරෝධි ලෙසින් මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියාව බලා යාමට සුදානම්ව සිටිය 13 සහ 14 දින වලදී අත් අඩංගුවට ගත් තිස් දෙනා මේ මස 18 වන දින දක්වා රිමාන්ඩ් ගත කිරිමට අද ( 14 දා ) පස්වරු හලාවත වැඩ බලන මහේස්ත්‍රාත් නුවන් ජයවීර මහතා නියෝග කළේය. සැකකරුවන් අතර ඔවුන් රැඳී සිටි නිවසේ හිමිකරුද වේ. මෙම පිරිස හලාවත ඉරණවිල සමිදුගම ප්‍රදේශයේ පෞද්ගලික නිවාසයක රැදි සිටිය දි ඊයේ (13) දා පස්වරු පුද්ගලයින් 14 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන තිබුණි. ඔවුන් අතරින්අත් අඩංගුවට පත් නොවි පලා ගිය තවත් පිරිසක් නාවික හමුදාව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේද හලාවත පොලිසියේ දි සහය ඇතිව අද ( 14 දා ) අත් අඩංගුවට ගෙන ඉදිරි නඩු කටයුතු සදහා හලාවත පොලිසිය වෙත භාරදි තිබුණි. අත් අඩංගුවට ගත් පිරිස තිස් දෙනෙකු වන අතර ඉන් 29 දෙනෙකුම තරුණයන් වන බවත් ඔවුන් උතුරු නැගෙනහිර හා වැල්ලවාය ප්‍රදේශවල පදිංචිකරුවන් වෙති.
ඔස්ට්‍රේලියාව බලා යාමට සුදානම්ව සිටි පිරිස නිවසේ රැදි සිට ඇත්තේ ඔවුන් රැගෙන යාමට පැමිණෙන බව කී බහුදින ධීවර යාත්‍රාව පැමිණෙන තෙක් බවත් ඒ අතර ප්‍රදේශවාසින්ට මෙම පිරිස සම්බන්ධයෙන් ඇතිවි ඇති සැකයෙන් ඔවුන් සම්බන්ධයෙන් නාවික හමුදාව වෙත තොරතුරු ලබා දී ඇති බව වාර්තා වේ.
හලාවත පොලිසිය සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී.
ඡායාරූප උපුටාගැනීම – news.navy.lk
- Advertisement -
- Advertisement -