Thursday, November 14, 2024

ධීවර ජනතාවට විශේෂ ඉන්ධන මිල සහනයක්

Must read

ධීවර කර්මාන්තය නගා සිටුවීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලේ එක් ප්‍රධාන පියවරක් වශයෙන්, ධීවර ජනතාව වෙනුවෙන් විශේෂ ඉන්ධන මිල සහනයක් ලබා දීමට රජය තීරණයකල බව ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අතිරේක ලේකම් ධම්මික රණතුංග මහතා පැවසීය. අද(15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අතිරේක ලේකම්වරයා මේ  බව පැවසීය. පසුගිය දිනවල ධීවර කර්මාන්තය විශාල අර්බුධයකට මුහුණ දුන් බවත්,  ඊට පිළියමක් වශයෙන් රජය මෙම තීරණය ගත් බවත්  අතිරේක ලේකම් ධම්මික රණතුංග මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අතිරේක ලේකම්වරයා මෙසේ පැවසීය.
වෙළෙඳපල ඉන්ධන මිල වැඩිවීම තුල, පසුගිය දිනවල ධීවර කර්මාන්තය විශාල අර්බුදයකට මුහුන දුන්නා. ඩීසල් භාවිතා කරන බහුදින ධීවර යාත්‍රා 6500ක් තිබෙනවා. භූමිතෙල් භාවිතා කරන ධීවර යාත්‍රා 32,500ක් පමණ තිබෙනවා. එම යාත්‍රාවලට සාමාන්‍ය පරිදි ධීවර කටයුතු සිදු කිරීමට නොහැකි වූ නිසා එය ධීවර කර්මාන්තයට විශාල වශයෙන් බලපෑවා. ධීවර කටයුතුවල විශාල අඩුවීමක් පසුගිය දිනවල සිදු වී තිබෙනවා. එමනිසා වෙළෙඳපල මාළු මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව යාත්‍රා හිමියන් දෙකොටසටම මෙම සහනය ලබා දීමට කටයුතු කරනවා.


news.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article