Sunday, November 24, 2024

එයාර් බස් සමාගම සිදුකළ පාඩුව ගෙවන්නට සිදුවන්නේ ජනතාවටයි – එජාප නායක රනිල් වික්‍රමසිංහ කියයි

Must read

ranil

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 08 වනදා  මරදානේදී පැවැති පොත් බෙදාදීමේ උත්සවයකට සහභාගි වූ අවස්ථාවේදී  එයාර් බස් සමාගමෙන් රජයට සිදුවුණ වංචාව සම්බන්දයෙන් අදහස් පළකරන ලදී.  රජය විසින් එයාර් බස් සමාගමෙන් සිදු කෙරුණු වංචාව සැලකිල්ලට ගෙන එම සමාගමෙන් ශ්‍රී ලංකාවට ගුවන් යානා මිලදී ගැනීම සහ බදු පදනම මත ගැනීම වහා තහනම් කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙම සිද්ධිය නිසා ශ්‍රී ලංකන් සමාගමටද විශාල අලාභයක් විඳින්නට සිදුවූ බව සඳහන් කරන අතර අදාළ සමාගමෙන් වන්දි මුදල් අයකර ගැනීම සඳහා රජය වහා කටයුතු කළ යුතුව  ඇතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. මෙලෙස වූ අලාභයට වන්දි ගෙවන්නට සිදු වී ඇත්තේ ශ්‍රී ලාංකික ජනතාවට බවත් එයාර් බස්  සමාගමට විරුද්ධව නඩු පවරා වන්දියක් ලබා ගැනීම සඳහා විශේෂ දැනුමක් ඇති විදේශ නීතිඥ සමාගම් සමග සාකච්ඡා කොට පියවර ගතයුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන ලදී.

තම රජය පැවැති සමයේ මෙවැනි සිද්ධියක් හෙළිදරව් වූයේ නම් අදාළ සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීම මෙන්ම බදු පදනම මත ගැනීමද වහාම තහනම් කරන බවද ඔහු කීය.

 ‍
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article