Saturday, September 21, 2024

එතකොට හෙක්ටර් අප්පුහාමි කියන්නේ සජබේ කසිප්පුකාරයෝ නෑ කියලද ??

Must read

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි විසින් පසුගියදා ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් සිදුකර ඇති විවේචනයක් දිණමින පුවත්පතේ පළවී තිබේ. ජවිපෙ සම්බන්ධයෙන් විවේචන ගොඩාක් ඉදිරිපත්කරන හෙක්ටර් අප්පුහාමි මෙවැනි ප්‍රකාශයක්ද සිදුකරයි. ‘ දැන් මේ වෙන­විට ගම්වල කසිප්පු ගහලා එක එකාට ගෝරි දාගෙන කප්පම් අරන් කීයක් හරි හොයා­ගෙන රෑට බූරු ගහන කණ්ඩා­යම් දැන් ජවිපෙ වෙලා. අපි 88-89 කර­පුවා තමයි මේ සැරේ කරන්නේ කියන ප්‍රකා­ශය කර­මින් ගම්වල අහිං­සක මිනි­සුන් බිය­ව­ද්ද­මින් සැරි­ස­ර­නවා.” මෙම ප්‍රකාශය තුළ හෙක්ටර් අප්පුහාමි විසින් මෙතනදී කසිප්පු ගහන මිනිසුන් ලෙස හදුන්වන්නේ කාවද ?? කසිප්පු ගහන්නේ ගම්වල සිටින අන්ත දුප්පත් සමාජ කොට්ටාශයකි. හොද අරක්කු ගන්නට සල්ලි නැති, බාර් වලට යන්නට සල්ලි නැති, දුප්පත් මිනිසුන් බාර් එකට නොගොස් ගමේ කසිප්පු පානය කරයි. ගෝරි දාගනියි. ඒවා එක රැයින් ඉවර වෙන ගෝරි මිසක් ,සජිත් ප්‍රේමදාසලා රනිල් වික්‍රමිසිංහ සමග ඇති කරගත් ජම්මාන්තර වෛරයෙන් පිරි ගෝරි නොවෙයි.
වෙන්නප්පුව , නයිනමඩම , වයික්කාල ,දංකොටුව , සිංද්‍රාත්‍රිෙය් ජනතාව අතර කසිප්පුකාරයින් ඕනෑ තරම් සිටියි. දේශීය අරක්කු ව්‍යාපාරය ජයටම ගෙන ගිය දංකොටුවේ අරක්කු ගැන මුලු රටම දනී. හෙක්ටර් අප්පුහාමි ජීවත්වන්නේද ,ඔහුගේ ඡන්ද දායකයින් සිටින්නේද මේ පරිසරයේමය. දැන් හෙක්ටර් අප්පුහාමිට කසිප්පුකාරයින් අපුලය. ගෝරිකාරයින් හිරිකිතය. ඔවුන් ඉන්නේ ජවිපෙ තුළය. මේ කසිප්පුකාරයින් හෙක්ටර් අප්පුහාමිව පාර්ලිමේන්තු යවන්නට ඡන්දය පාවිච්චිකර නොමැතිද? කසිප්පුකාරයින් තුට්ටු දෙකට දමා කතා කරන හෙක්ටර් අප්පුහාමිගේ පරපුරේ කසිප්පුකාරයින් නොමැති ද?
ජවිපෙට අනුව නම් කසිප්පුකාරයින් ගැන සමාජ විග්‍රහක් ඔවුන්ට ඇත. ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන විවේචන ඉදිිරිපත් කර ඇති හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා සජබේ රදලයෙක් වී තමන්ගේම පන්තියේ මිනිසුන්ට ගරහන බව මෙම ප්‍රකාශයෙන් පෙනේ. කසිප්පුකාරයා කියන්නේද මේ සමාජයේ එක් ස්ථරයකි. පා.මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු පසුගිය වසර වල දී මෙම අරක්කු කාරයින් බේරාගැනීටද පොලීසියේ ඉහල පෙලේ ලොක්කන් හා ගැටුණි. ඒ මෙම කසිප්පු ව්‍යාපාරකයින් තමන්ගේ ඡන්ද දායකින් බැවිනි. මේ වනවිට විවධාකාර ආකාරයට ප්‍රමිතියකින් තොර අරක්කු නිෂ්පාදනයට ව්‍යාපාරිකයින් පෙළඹී සිටින අතර , ඉදා කාලයේ පටන් දංකොටුව,බොරලැස්ස ,වෙන්නප්පුව ආදී ගම්වල ප්‍රමිතියකින් යුතු අරක්කු නිෂ්පාදනය කරන ලදී. පුදුමය වන්නේ හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයාට එකපාරටම කසිප්පුකාරයින් පහත් පෙළේ ජන කොට්ඨාශයක් වී පෙනීමය. ඔහුට අනුව බලන විට සජබේ සිටින්නේ සමාජයේ ඉතාම උසස් යැයි සම්මත, ශී්ෂ්ට සම්පන්න මිනිසුන්ය. සජබ තුළ කසිප්පුකාරයින් හෝ පහළ සමාජ ස්ථර වල ජනයා නොමැතිය. එසේ නම් සජිත් ප්‍රේමදාසගේ තියරියට අනුව ඔහු ලබාදුන් නිවාස වල සිටින දුගී ජනතාව, කසිප්පු නොබොන, ගෝරි දාගන්නැති සමාජ කොට්ඨාශයකි. වීදුරු ගෙවල් වල සිට ගල් ගැසීම නුවනට හුරු නැත.

සමන් නිලන්ත ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article