කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස තුෂාර සංජීව විතාරණ මහතා තේරී පත් වී දෙමසකට වැඩි කාලයක් ගෙවී ගොස් ඇති නමුත් නගරාධිපතිවරයා තෝරාපත් කරගත් රහස් ඡන්ද විමසිම පිළිබදව තැනින් තැන සිදුවෙන කතා බස්වල නම් තවමත් අඩුවක් නැත.
අදාල ඡන්ද විමසීමට සිතාමතා ප්‍රමාද වී පැමිණි බවට නාගරික මන්ත්‍රී සුමේධ අරුණ ශාන්ත මහතා වෙත ඇතැම් පිරිස් චෝදනා එල්ල කරමින් සිටින අතර එම චෝදනාවන් පිළිබදව වයඹ ටුඩේ වෙබ් අඩවිය ඒ මහතාගෙන් විමසීමක් කළේය. අදාල ඡන්ද විමසීමට පැමිණීමට තමන් පමා වූ හේතුව මෙන්ම නගරාධිපති ධූරය සම්බන්ධයෙන් එජාප මන්ත්‍රී කණ්ඩායම තුළ පැවැති අභ්‍යන්තර අර්බුද ගණනාවක් පිළිබදවත් සුමේධ අරුණ ශාන්ත මහතා එහිදී හෙළි කළේය. ඒ මහතා සමග වයඹ ටුඩේ කළ සාකච්ඡාව පහත වීඩියෝවෙන් දැක්වෙයි.