Saturday, September 21, 2024

එජාප මහ ලේකම් ජනමත විචාරණ කතාව යළි අවධාරණය කරයි

Must read


තමන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවත්, ජනාධිපතිවරයා විසින් ගෙන යන වැඩපිළිවෙළට බහුතර ජනතා

විශ්වාසය හිමිව තිබෙන බවත්, ඒ අනුව ජනමත විචාරණය ව්‍යවස්ථානුකූලව හා ප්‍රජාතන්ත්‍රවාදීව කළ හැකි දෙයක් බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසීය.

මේ මොහොතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ප්‍රමුඛස්ථානය දිය යුත්තේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට බව ද හෙතෙම අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ධුර කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කළ යුතු බවට මීට පෙර තමා විසින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඊයේ (03දා) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත් වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී රංගෙ බණ්ඩාර මෙම අදහස් පළ කළේය.

“මම කිව්වේ ජනමත විචාරණයකදී පාර්ලිමේන්තුවේ කාර්යභාරය. මේ කාරණා දෙකම ව්‍යවස්ථාවට පටහැණිත් නැහැ. ප්‍රජාතන්ත්‍ර විරෝධීත් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන අන්දමට කියන එක සඳහන් කරන්නට කැමතියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදනයක් ගැන තමයි මම එදා කතා කළේ. අරගලයෙන් පස්සේ ජනාධිපතිතුමා රට බාර අරගෙන මේ කරගෙන යන වැඩපිළිවෙළට ගැන රටේ බහුතර ජනතාවගේ විශ්වාසයක් ඇතිවෙලා තිබෙනවා. ජනතාව තුළ පවතින ඒ මතය තමයි මම ඔබට ප්‍රකාශ කළේ.

”ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ප්‍රමුඛස්ථානය දිය යුත්තේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට යි. ඇතැම් පක්ෂ මා ඉදිරිපත් කළ මතයට විරුද්ධ වෙන්න පුළුවන්. මට බනින්න පුළුවන්. නමුත් මම ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ දේශපාලන පක්ෂ ලෙස එක මතයකට පැමිණ දැන් කරගෙන යන ආර්ථික වැඩපිළිවෙළ ඒ ආකාරයටම ඉදිරියට ගෙන යන්නට සූදානම්ද කියන එක ප්‍රකාශ කරන ලෙසයි. මම අනිත් දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා මේ වැඩපිළිවෙළ පිළි ගන්න කැමතිද ?මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියනවද කියන එක කරුණාකරලා රටට ප්‍රකාශ කරන්න.”


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ මැතිවරණ තුනයි. එකක් ජනමත විචාරණය. අනිත් දෙක ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය. ජනමත විචාරණය කියන්නේ සෘජුවම, ප්‍රබලව ජනතාවට බලපාන ඡන්ද අයිතියක්. ප්‍රජාතන්ත්‍ර විරෝධී නම් ජන මත විචාරණයක් තියන්න කියන්නේ නැහැනේ.

මහ මැතිවරණයකදී ඉදිරිපත් වන අපේක්ෂකයන් ප්‍රමාණය වැඩි යි. මුද්‍රණය කරන්න වෙන පත්‍රිකා ප්‍රමාණය වැඩියි. මැතිවරණ ව්‍යාපාරවලට විශාල මුදලක් වියදම් වෙනවා. මේකෙදි පාර්ශ්ව දෙකක් විතරයි තිබෙන්නේ. ජනමත විචාරණයකට ලක්ෂයක් යනවනම් ජනාධිපතිවරණයට ලක්ෂ සීයක් යයි.

මම කටයුතු කරල තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධීව නෙමෙයි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණිව නෙමෙයි කියන එක මම ඔප්පු කරලා පෙන්නලා තියෙනවා.”

උපුටාගැනීම-theleader.lk
https://www.youtube.com/embed/jqH_yMRyQXQ?si=tbTwMcDEwxZ2fo4D


සබැඳි ලිපි :
හඳ දෙස නොව රංගේ දෙස බලන්න….(ආචාර්ය මහේෂ් හපුගො

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article