Friday, November 22, 2024

එකට ඉපදී, එකට කොල්ල කෑ නිවුන්නු හිර ගෙදරටත් එකටම යති.

Must read

clemency-1කුලියාපිටිය, ගලහිටියාව පාරේ යතුරුපැදියකින් ගමන්කරමින් සිටි පුද්ගලයෙකුට මග හරස්කර නවතා ඔහු සතුව තිබූ රුපියල් පන්දහසක් කොල්ල කෑ බව කියන නිවුන් සොහොයුරන් දෙදෙනෙකු කුලියාපිටිය පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණේ කුලියාපිටිය, ඌරුපිටිය ප‍්‍රදේශයේ පදිංචි නිවුන් සොහොයුරන් දෙදෙනෙකු වන අතර මංකොල්ලකෑම් සම්බන්ධයෙන් වන තවත් නඩු කිහිපයක්ම මේ වනවිට ඔවුන් දෙදෙනාට එරෙහිව කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ විභාගවෙමින් පවතින බවද පොලිසිය කියයි.

ඉකුත් අගහරුවාදා මාර්ග පරීක්ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් දැක පලාගොස් ඇති මෙම සැකකරුවන් ලුහුබැද ගිය පොලිස් නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර සොයුරන්ගෙන් කළ ප‍්‍රශ්නකිරීම්වලදී අදාළ කොල්ලකෑමට සම්බන්ධ බව කියන තවත් සැකකරුවෙකු පිළිබදව පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇති අතර දැනට ප‍්‍රදේශයෙන් පලාගොස් සිටින මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා මෙහෙයුම් දියත් කර ඇති බවද පොලිසිය කියයි.

කුලියාපිටිය මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති, ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අජිත් ප‍්‍රියන්ත මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක හැරිසන් මහතාගේ මෙහෙයවිමෙන් පොලිස් සැරයන් ධර්මසිරි (29269 ) , ජයසූරිය (31575) , පොලිස් කොස්තාපල් රණසිංහ (49754) සහ ජයතිස්ස (49110) යන නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබූහ.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article