අධිකරණ ශාලාවේදී පුවත්පතක් බැලීමෙන් අධිකරණයට අපහාසයක් කළේ යැයි චෝදනා ලැබූ පුද්ගලයෙකු මාසයක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට හලාවත අතිරේක දිසා විනිසුරු සහ මහේස්ත්රාත් හේෂාන් ද මෙල් මහතා පෙරේදා (16 දා ) නියෝග කළේය.
මෙලෙස සිරදඩුවම් නියම කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්රී සනත් නිශාන්ත මහතාගේ ආධාකරුවෙකු බව කියන ආණමඩුව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
පසුගිය 16 වැනිදා හලාවත මහේස්ත්රාත් අධිකරණය හමුවේ විභාගයට ගැණුනු පාර්ලිමේන්තු මන්ත්රී සනත් නිශාන්ත පෙරේරා මහතා සම්බන්ධ නඩු විභාගයකට සහභාගීවීම සදහා ඒ මහතා සමග අධිකරණයට පැමිණ සිටි මෙම පුද්ගලයා අධිකරණ ශාලාව තුළදී පුවත්පතක් බලමින් සිටිනු දුටු මහේස්ත්රාත්වරයා විසින් එවෙලේම අදාළ පුද්ගලයාට සිරදඩුවම් නියම කළේය.