Sunday, January 19, 2025

උඩුබද්දාවේ පර්ල් , අලව්වේ දයාරත්න වයඹ ‘වැඩිහිටි සුපර් ස්ටාර්’ කිරුළ දිනති.

Must read

වයඹ පළාත් සමාජ සුබසාධන අමාත්‍යංශය විසින් වයඹ පළාතේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් සංවිධානය කළ ‘විය සපිරි, තරු සුපිරි ’ගායන තරගාවලියෙහි කාන්තා අංශයේ ප‍්‍රථම ස්ථානය උඩුබද්දාවේ පර්ල් විජේවික‍්‍රම මහත්මිය විසින් සහ පිරිමි අංශයේ ප‍්‍රථම ස්ථානය අලව්වේ ඊ. ජී. දයාරත්න මහතා විසින් ඊයේ (30 දා ) රාත‍්‍රියේදී දිනාගනු ලැබූහ.

‘විය සපිරි, තරු සුපිරි ’ගායන තරගාවලියෙහි අවසන් මහා තරගය ඊයේ රාත‍්‍රියේදී වයඹ පළාත් සභා ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. අවසන් මහා තරගයෙහි විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කරනු ලැබුවේ ප‍්‍රවීන සංගීත ශිල්පීන් වන මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි, සංගීත විශාරද එඩ්වඩ් ජයකොඩි සහ සංගීත විශාරද රූපා ඉන්දුමතී සහ මල්කාන්ති නන්දසිරි යන මහත් මහත්මීන් විසිනි.

‘විය සපිරි, තරු සුපිරි ’ගායන තරගාවලියෙහි කාන්තා අංශයේ සෙසු ස්ථානයන් මෙසේය.

02. හේමමාලා මල්කාන්ති මහත්මිය – මහවැව
03. ජේ. ඒ. ආරියරත්න මහත්මිය – බමුණාකොටුව
04. සුජාතා දිසානායක මහත්මිය – කුලියාපිටිය
05. එච්ජින් කරුණාරත්න මහත්මිය – මාවතගම

‘විය සපිරි, තරු සුපිරි ’ගායන තරගාවලියෙහි පිරිමි අංශයේ සෙසු ස්ථානයන් මෙසේය.

02. පී. එම්. රංබණ්ඩා මහතා – මහව
03. හයිසින්ත් ෆොන්සේකා මහතා – පුත්තලම
04. හර්මන් ප‍්‍රනාන්දු මහතා – මාදම්පේ
05. පේ‍්‍රමතිලක පෙරේරා මහතා – හලාවත

අවසන් මහා තරගයෙහි ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් වෙත ත්‍යාග සහ සම්මාන ප‍්‍රදානය සදහා ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ. සී. අලවතුවල, වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක, වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, පළාත් සමාජ සුබසාධන අමාත්‍ය ලක්ෂ්මන් වේඩරුව, පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍ය රාජපක්ෂ, වෙන්ඩෝල් ලංකා සමාගමේ සභාපති ලේල්වල ජී ගොඩකන්ද, යන මහත්ම මහත්මීහු රැසක් එක් වී සිටියහ.watihiti _final4 watihiti _final2 watihiti _final1 watihiti _final3 watihiti _final5

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article