Sunday, January 19, 2025

ඉස්ලාම් ධර්මයට අපහාසයක් සිදු කලා යැයි චෝදනා ලැබු ශ්‍රී ලාංකික තරුණයින් තිදෙනෙකුට නිදහස

Must read

02(2)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මුහුණු පොතේ ඡායාරූප පළ කරමින් ඉස්ලාම් ධර්මයට අපහාසයක් සිදු කලා යැයි චෝදනා කළේ යැයි ඩුබායි අධිකරණය විසින් සිර දඩුවම් නියම වූ තරුණයින් තිදෙනෙකු නිදහස ලබා මෙරටට පැමිණ ඇත.

මෙසේ නිදහස ලබා ඇත්තේ හලාවත – තොඩුවාව පදිංචිකරුවෙකු වන ඩබ්ලිව්.රමේෂ් ප්‍රනාන්දු,ගාල්ල පදිංචිකරුකරුවෙකු වන එම්.ඒ.විශ්ව ද සිල්වා සහ මඩකලපුවේ පදිංචිකරුවෙකු වන ගුණදාස ඩිරෝන් නම් තිදෙනෙකුවය.

ඩුබායි හී තරු පන්ති සංචාරක හෝටලයක මෙම තරුණයින් තිදෙනා සේවය කරමින් සිට ඇත.

මඩකලපුවේ පදිංචි ගුණදාස ඩිරෝන් යන අයගේ ඥාති දරුවන් දෙදෙනෙකු පාස්කු ප්‍රහාරයෙන් මිය ගොස් ඇත.ඒ සම්බන්ධයෙන් වූ ඡායාරූප තම මුහුණු පොත ඔස්සේ හුවමාරු කර ගැනීමට මෙම තරුණයින් කටයුතු කර ඇත.ඉන් තම ආගමට අපහායක් වූ බව සදහන් කරමින් ඔවුන් සේවය කරමින් සිටි හෝටලයේ මහජන සම්බන්ධත නිලධාරීවරයා විසින් ඩුබායි “අල්වර් සෝ” පොලීසියට පැමිණිළි කර ඇත.එම පැමිණිල්ල අනුව මෙම තරුණයින් තිදෙනාව අල්වර් සෝ පොලීසිය විසින් පසුගිය වසරේ නොවැම්බර් මස 11 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.පසුව අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති ඔවුන්ව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

01

දෙසැම්බර් මස 22 වැනිදා නඩුව විභාග කරමින් එරට අධිකරණය විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.ඒ අනුව ඔවුන් තිදෙනා වෙන් වෙන්ව රියාල් ලක්ෂ 05 ක දඩ මුදලකට යටත් කර ඇත.එම දඩ මුදල නොගෙවීම නිසා ඔවුන්ට වසර 3 ½ ක සිර දඩුවමක් අධිකරණය විසින් නියම කර ඇත.

සිර දඩුවම් නියම වූ තරුණයින්ගේ මව්පියන් විසින් මේ බව මෙරට අති උතුම් කාදිනල් තුමන්ට,ජනාධිපතිවරයාට සහ විදේශ සේවා නියුක්ති කාර්යංශයට දැණුම් දීමට කටයුතු කර ඇත.

නිදහස ලබා මෙරටට පැමිණ සිටින හලාවත – තොඩුවාවේ පදිංචි එබ්ලිව්.රමේෂ් ප්‍රනාන්දු මහතා අප සමග මෙසේ කියා සිටියේය.”අපි කිසිම වරදක් කරලා තිබුනේ නැහැ.ඒත් අපිව අත්අඩංගුවට අරගන රිමාන්ඩ් කලා.පස්සේ දඩ නියම කලා.දඩ මුදල් ගෙවන්න සල්ලි නැති නිසා අපිව හිරේ දැම්මා.ඒ අවුරුදු 3 ½ කට කියලා.මොන හේතුවකටද දන්නේ නෑ එක පාරටම අපිව නිදහස් කලා.  හේතුවක් කිව්වේ නැහැ.නමුත් එකක් කියන්න ඕනේ.අපි රට යන්න පෙර විදේශ සේවා නියුක්ති කාර්යංශයේ රක්ෂණය වෙලා ගියේ.නමුත් අපිට සහනයක් නම් ලැබුනේ නැහැ.ඩුබායි රටේ තියන අපේ තානාපති කාර්යාලයේ නිලධාරීන් කරපු දෙයක් නැති බව නම් කියන්න ඕනේ.අපිට ලංකාවට එන්න ටිකට් එක අර ගෙන දුන්නේ ඒ රටේ ඉන්න අපේ යාළුවෝ.යාළුවෝ නැත්නම් අපි තවම ඒ රටේ හිර කාරයෝ.අපි ළග තිබුණු පරිඝණකය,ජංගම දුරකතනය අධිකරණය බාරයට ගත්තා.ඒවා අපිට ආපසු ලැබුනෙත් නැහැ.මේ වාගේ දෙයක් ආය කිසිම කෙනෙකුට නොවේවා කියලයි මම් ප්‍රාර්ථනා කරන්නේ.” හෙතෙම කියා සිටියේය.

කුමන ආකාරයට හෝ වේවා මේ වන විට ඔවුන් නිදහස ලබා මෙරටට පැමිණ ඇත.එය නම් දේවාශීර්වාදයක් බව පැවසිය යුතුව ඇත.


ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article