(8.5pm)අද (11) අලුයම සිට මුහුදු රළ අධික වේගයෙන් ගොඩබිමට ගලා එම හේතුවෙන් තොඩුවාව , ඉරණවිල ,කරුකපනේ ඇතුළු වයඹ බටහිර වෙරළ තිරයේ ධිවර ගම්මාන රැසකට දැඩි බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ. පාන්දර සිට මුහුදු රළ විශාල වශයෙන් ගොඩබිමට පැමිණීම හේතුවෙන් ධිවර යාත්‍රා කීපයක් අනතුරු වලටද ලක්ව ඇති බවත් එම ප්‍රෙද්ශයෙන් වාර්තා වේ.
මාරවිල තොඩුවාව ප්‍රදේශයෙන් මුහුදු ගිය ධිවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් එහි සිටි ධීවරයන් දෙදෙනෙකු සුළු තුවාල ලබා ජිවිත ගලවා ගෙන ඇති අතර ධිවර යාත්‍රාවට හා දැල් ආපන්න වලට දැඩි අලාභානි සිදුව ඇති බව වාර්තා වේ.
හලාවත සහකාර ධිවර අධ්‍යක්ෂක අනුර ජයසේකර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ සුළගේ වේගය පිලිබඳව තමන් හා අපදා කළමනාකරණ ඒකකය නිරන්තරයෙන් ධීවරයන් දැනුවත් කළ බවයි.