Saturday, January 18, 2025

ඉරණවිල නිරෝධායන මධ්‍යස්ථානයට ප්‍රවාහන පහසුකම් නැහැ

Must read

ඉරණවි

( 10.33am)  ඉරණවිල පිහිටි කොරෝනා සැක සහිත ආසාධිතයින් සදහා වන ප්‍රතිකාර මධ්‍යස්ථානයේ අවශ්‍ය කටයුතු සදහා වාහනයක් නොමැති කම නිසා තමන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටින බව එම ස්ථානයේ සේවය කරන වෛද්‍යවරුන් සහ සෙසු කාර්ය මණ්ඩලය සදහන් කරයි.

විශේෂඥ වෛද්‍යවරුන් 02 ක්,වෛද්‍ය අධිකාරීවරයෙකු,වෛද්‍යවරුන් 06 දෙනෙකු,විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීණියක්,හෙද හෙදියන් 22 කු,සහ සුළු සේවකයින් 10 දෙනෙකු ඉරණවිල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සේවය කරති.04(4)

නගරයට බොහෝ දුරස්ව පිහිටා ඇති මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ යම් අවශ්‍යතාවයක් වුවහොත් ඒ සදහා හලාවත,මහවැව හෝ මාරවිල නගර කරා යාමට වෛද්‍යවරුන්ට සහ සේවකයින්ට සිදුවී ඇත.නමුත් ඒ සදහා කිසිදු වාහනයක් රජයෙන් ලබා දී නොමැති බව එම ස්ථානයේ සේවය කරන පිරිස් කියා සිටී.

මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය ආරම්භ කරණ අවස්ථාවේදී රජය විසින් ගිලන් රථයක් ලබා දී තිබූ නමුත් වැඩි දිනක් යාමට පෙර එයද ආපසු ලබා ගෙන ඇත.සේවා මුර යටතේ සේවය කරන හෙද හෙදියන් සහ සුළු සේවකයින් වෙනත් රෝහල් වල සිට ප්‍රවාහනය කිරීම පමණක් මේ වන විට සිදු වන බවද පැවසේ. මෙම තත්ත්වය නිසා හදිසි අවශ්‍යතාවයක් ඇති වූ විට ඒ සදහා තම පුද්ගලික වාහන සහ යතුරු පැදි භාවිතා කිරීමට වෛද්‍යවරුන් සහ සෙසු කාර්ය මණ්ඩලය කටයුතු කරන බවක්ද දක්නට ඇත.

පුද්ගලික සාත්තු නිවාසයකින් රියදුරෙකු සහ රිය සහායකයෙකු සමග තාවකාලික පදනම මත ලබා දී ඇති ගිලන් රථයක් පමණක් ඉරණවිල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සේවය සදහා යොදා ගන්නා අයුරුද දක්නට ඇත.


 

ජූඩ් සමන්ත

 

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article