ඉන්දියාවේ සිට හොර රහසේ මෙරටට ගෙන්වූ බවට සැකකෙරෙන කෝටි ගණනක වටිනාකමකින් යුත් රත් හදුන් තොගයක් එත්තාලේ ප්රදේශයේ වත්තක සගවා තිබියදී කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
කල්පිටිය පොලිසිය වෙත ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගත් මෙම රත් හදුන් තොගයෙහි විවිධ ප්රමාණයන්වලට කැබැලි කර තිබූ රත් හදුන් කැබලි 167 ක් ඇති බව පොලිසිය කියයි. මෙම රත් හදුන් ජාවාරමට සම්බන්ධ බවට සැකපිට එක් සැකකරුවකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රත් හදුන් තොගයෙහි වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති අතර ඒ පිළිබද පරීක්ෂා කර බලා ඉදිරි අධිකරණ කටයුතු මෙහෙයවීම සදහා ආයුර්වේද දෙපාර්මේන්තුව දැනුවත් කර ඇති බව පොලිසිය කියයි. කල්පිටිය පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක පී. එම්. උඩුමලගල මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශණ සිදුකෙරේ.
පුත්තලම – නලින් හෙන්දුරුගොඩ
