හදිසි අනතුරකින් ශ්රී ලාංකිකයෙක් මරුට…
ඉතාලියේ වෙරොනා බර්දොලීනෝ ප්රදේශයේදි අද (24) දින සිදු වු අනතුරකින් වෙන්නප්පුවේ පදිංචි වර්ණකුලසූරිය නිශාන් ජයංග නැමති 41 හැවිරිදි තිදරු පියෙක් මියගොස් තිබේ. කූරියර් සේවාවක රැකියාව කල ඔහු තමන් පැදවු වාහනය මද බැවුමක් සහිත මාර්ගයක නවතා භාණ්ඩ තොගයක් බිමට ගනිමින් සිටියදි එක්වරම පසුපසට ආ වාහනයට යටවී මෙම අනතුර සිදුව ඇති බව මූලික පරික්ෂණ වලදි හෙළිවි තිබේ. මෙම වාහනයේ අත් තිරිංග ක්රියාත්මක නොකිරීම හෝ නිවැරදිව ක්රියාත්මක නොවීමේ දෝෂයක් නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි සැක කරනවා.
Srilankaweb