මේ වනවිට ඉතාලිය තුළ කොරෝනා වෛරසය පැතිරීමේ අවධානම හේතුවෙන් එහි ජීවත්වන ශ්රී ලාංකිකයන් පිළිබදව ඔවුන්ගේ ඥාතීන් සොයා බලති. එමෙන්ම ඔවුන්ගේ ජීවිත ගැන බියවී සිටින බවද අමුතුවෙන් කිවයුතු නොවේ. පහත සදහන් කර ඇත්තේ Italiye Api JOB BANK (ඉතාලියේ අපි – job bank) නමින් ෆේස්බුක් පිටුවෙහි පළකර තිබූ සටහනකි. එහි සදහන්වී ඇත්තේ codogna නම් නගරයේ ජීවත්වන ශ්රී ලාංකිකයින් ගැන තොරතුරු සොයා බලන ලෙසයි.
මේ වන විට එම නගරයේ ජීවත්වන අයට නගරයෙන් පිටවීමට හෝ නගරය තුලට ඇතුල්විමට විශේශ අවසරයක් ගන්න ඕනා.මේ තත්වය නිසා එම නගරයේ ජීවත් වන අය තම නිවෙස් තුලටම වී සිටින බවයි ආරන්චි වන්නේ.
2019 දී නිකුත්කල සංක්යා ලේඛන අනුව එම නගරය තුල ලාංකීකයන් 9 දෙනෙක් ජීවත්වී තිබෙනවා.බොහෝ දුරට අදවන විට ඒ ප්රමානය වැඩිවෙලා තිබෙන්නට බොහෝ දුරට පුලුවන්.
- ඇත්තටම මේ නගරයේ ජීවත්වෙන ලාංකීකයන් ගැන ආරන්චියක් තිබෙනවද?
- ඒ අයට මොකද වුනේ?
- ප්රමානවත් කෑම බීම තිබෙනවද?
- ඒ අය ගැන ලංකාවේ එම්බසියෙන් සොයාබැලීමක් කලාද?
ඔබ ඒ නගරයේ ජීවත්වූ අය ගැන විස්තරයක් දන්නේ නම් කමෙන්ට් එකක් දාන්න.??
මේ ගැන මිලානෝ කන්සාල් ජෙනරාල් කාර්යාලය හා ශ්රී ලංකා එම්බසියෙන් සොයා බලීමක් කරන්නේ නම් වටිනවා.මේ ගෲප් එකෙත් ඒ අය ඉන්නවා නම් කරුනාකර ඔබගේ ප්රදානින් දැනුවත් කරන්න.??