Saturday, January 18, 2025

ඉතාලියට වෙලා මරණබියෙන් ඉන්න ලක්ෂ ගණන් අපේ සහෝදර සහෝදරියන්ව එකම මිම්මෙන් මනින්න එපා – නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු

Must read

90890308_10156944280107539_2210707735555604480_n

මේ වනවිට ලංකාව තුළ කොරෝනා  වෛරසය අසාධනය වීමේ තත්ත්වය  පාලනය කිරීමට රජය විසින්  පියවර ගෙන ඇති අතර  එහිදී සිදූවූ අඩුපාඩු, ප්‍රමාදදෝෂ ද ඇත. මේ වනවිට  මේ සම්බන්ධයෙන් ජනතාවගේ විවිධ මත සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන අතර ඒවා අතර ධනාත්මක අදහස්, සෘනාත්මක මෙන්ම වෛරී අදහස්ද සමාජයට බෙදාහරිනු ලබයි.  සමාජ ප්‍රශ්නයක් විසදා ගැනීමේදී  බුද්ධිමත් සමාජයක් ලෙස ඒ දෙස බැලීම අදහස් හුවමාරු කර ගැනීම ඕනැම ව්‍යසනයකදී එම තත්ත්වයට මුහුණ දීමට ශක්තිය උදාකරගැනීමට කටයුතු කිරීම ප්‍රගමනය කර යා හැකි මාවතයි. පහත පළවන්නේ මේ වනවිට ඉතාලිය තුළ ඉතාම සෝචනිය තත්ත්වයකට මුහුණ දී ඇති අපේ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු විසින් සිය මුහුනු පොතේ තබා ඇති සටහනයි.

ඉතාලිය කියන්නේ පුත්තලම දිස්ත්‍රික්කයට, විශේෂයෙන් වෙන්නප්පුව, නාත්තන්ඩිය සහ හලාවතට විශාල සම්බන්ධ කමක් තියන රටක්. මෙම ප්‍රදේශ වල ගොඩක් ප්‍රශ්න ඉතාලියෙන් ආපු විදේශ විනිමය නිසා විසඳුනා. ව්‍යාපාර සරු උනා. දුගී දුප්පත්කම නැති උනා.

අද ලෝකයම වෙලා ගත්තු වසංගතයකින් ඉතාලියම අමාරුවේ වැටිලා. ඉතාලියේ ඉඳලා ආපු අපේම කීප දෙනෙක් නොදැනුවත් කම නිසා සහ මුරන්ඩු කම නිසා අපේ රටත් ලෝක අමාරුවක දැම්මා තමයි. ඒකට ආණ්ඩුවත් ඍජුව වගකියන්න ඕන. නමුත් දැං ඒක වෙලා ඉවරයි. චෝදනා කිරීම වෙනුවට ඉදිරියට යෝජනා ඉදිරිපත් කිරීම වටිනවා.

හැබැයි තාම  ඉතාලියට වෙලා මරණබියෙන් කල්ගත කරන ලක්ශ ගනන් වන අපේ සහෝදර සහෝදරියන්ව එම මිම්මෙන්ම මනින එකේ කිසිම සාධාරණයක් නෑ. ඔවුන් අපිව පෝෂණය කරලා කරලා, අද දුර රටක දෙගිඩියාවෙන් පොඩි කාමරවල සිරවෙලා ඉද්දි සමහරු, ආවොත් වෙඩි තියන්න කියලා ඉල්ලනවා. වෙඩි තියන්න නෙමේ. වයිබර් වට්සැප් විතරක්ද දැං ෆේස්බුක් එකෙනුත් කෝල් කරන්න පුලුවන් එකේ කතා කරලා අහමු ඔවුන්ගේ දුක.

ඉතාලියෙ රැකියා කරන අපේ මිනිස්සු සැපක් විඳින්නෙ නෑ. අපිත් දේශපාලන කටයුතු වලට ඉතාලියට ගිහාම දකිනවා ඒ මිනිස්සුන්ගේ දුක වේදනාව සහ ඒ ඔක්කොම යට කරගෙන එන ආගන්තුක සත්කාරය. මේ අවස්ථාවේ හැකි හැමෝගෙන්ම වගේ කතා කරලා සැප දුක් විමසුවත්, කථා කරන්න බැරි උන ඉතාලියේ මානසිකව දුක් විඳින සියලුම ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂාකාරී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා විතරක් නෙමේ ඔබ වෙනුවෙන් පෙනී ඉන්නවා.”


 

චිත්‍රාල් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article