
පසුගිය ජුනි 03 වනදා ඉතාලියේ සංචාරය කිරීමට යුරෝපයට විවෘත කරනු ලැබිණි. ඉතාලි රජය විසින් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සදහා එරටේ අඩු ආදායම්ලාභී පවුල් වලට අවස්ථාවක් සලසා දි තිබේ. මේ සදහා ඉදිරිපත්වන අයට රජය විසින් යුරෝ 500 ක් (ඩොලර් 560 ක්) බැගින් ලබාදෙන අතර රටේ සංචාරක ක්‍ෂේත්‍රය නැවත යථා තත්ත්වයට පත් කර ගැනිම එහි අරමුණයි.

මැයි මස මැද භාගයේදී ආරම්භ කළ ‘නැවත එළිදැක්වීමේ නියෝගයේ’ කොටසක් වන ඉතාලියේ සංචාරය කිරීමට තෝරා ගන්නා පවුල් සඳහා ‘නිවාඩු ප්‍රසාද දීමනාව’ ඩොලර් 500 ක් කර තිබේ.කොරොන වයිරස් අර්බුදය ආර්ථිකය හමුවේ ඉතාලි රජය අඩු ආදායම්ලාභීන්ට මේ වසරේ නිවාඩුවක් ලබා දෙයි.
නිවාඩු ප්‍රසාද දීමනාව ඉල්ලා සිටිය හැක්කේ කාටද ?
මෙම නිවාඩු ප්‍රසාද අවස්ථාව ඉතාලියේ ජීවත්වන පුරවැසියන් සදහා වන අතර ලබාදෙන දීමනාවෙන් කොටසක් බදු අඩු කිරීමක් සදහා ගනු ලැබේ. එමෙන්ම මෙම අවස්ථාව ඉතාලියේ වෙසෙන අඩුආදායම්ලාභී පවුල් වලට ලබාදී තිබේ. සියලුම බෝනස් සඳහා පවුල්, ජෝඩු සහ පුද්ගලයන්ට ඉල්ලුම් කළ හැකිය. ඔබ යුවළක් හෝ පවුලක් ලෙස ඉල්ලුම් කරන්නේ නම් එය ගෙවනු ලබන්නේ පුද්ගලයෙකුට නොව නිවෙස් හිමියාටය.