Tuesday, November 19, 2024

ඇමැතිකමට තට්ටු වූ ඩී.බී. හේරත් ත‍්‍රීවිලරයෙන් ගෙදර ගිය හැටි. (ඡායාරූප )

Must read

වයඹ පළාත් සභාවේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීමත් සමග සිය ඇමැතිකම අහිමි වූ පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය සහ ක‍්‍රීඩා හිටපු අමාත්‍ය ඩී. බී. හේරත් මහතා සිය නිල වාහන ආදිය පළාත් සභාව වෙත භාරදීමෙන් අනතරුව ත‍්‍රිරෝද රථයක නැගී පළාත් සභා සංකීර්ණයෙන් ඊයේ (14 දා) පස්වරුවේ නික්ම ගියේය .

ඊයේ දහවල් වයඹ පළාත් සභා සංකීර්ණයෙහි පිහිටි සෞඛ්‍ය, දේශීය වෛද්‍ය සහ ක‍්‍රීඩා අමාත්‍යංශය වෙත පැමිණි ඞී. බී. හේරත් මහතා අමාත්‍යංශ ලේකම් ටී. බී. වික‍්‍රමසිංහ මහතා වෙත සිය නිලවාහනවල යතුරු සහ කාර්යාල ආදිය භාරදෙනු ලැබීය. අනතුරුව එම අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් සමග සුහද සාකච්ඡාවකද යෙදුණු ඩී. බී. හේරත් මහතා තමා සමග කටයුතු කළ කාලයේදී ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් එම නිලධාරීන්ට ස්තූතිය පළ කළේය.

අමාත්‍යංශ නිලධාරීන්ගෙන් සමුගත් ඩී. බී. හේරත් මහතා පළාත් සභා සංකීර්ණයෙහි ප‍්‍රධාන දොරටුව ඉදිරිපිටට ගෙන්වාගනු ලැබූ ත‍්‍රිරෝද රියක නැගී පළාත් සභාවෙන් පිටත් වී ගියේ මෙසේය.

dbout1 dbout3 - Copy dbout4 dbout5 dbout6

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article