Sunday, January 19, 2025

ඇමැති ටී. බී.ට විරෝධය පා මහව මන්ත්‍රීවරු බස්පොළේ නිදියති. (ඡායාරෑප)

Must read

ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් මහව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන් තිදෙනකු විසින් ආරම්භ කර තිබූ උපවාසය යාපහුව එජාප ප්‍රධාන සංවිධායකා අචිනි ලොකුබණ්ඩාර මහත්මියගේ මැදිහත්වීමෙන් මීට සුඵ වේලාවකට පෙර අවසන් කෙරිණි.

ටී.බී.ඒකනායක මහතා ඇතුඵ පිරිසක් තමා‍ගේ නිවසට පැමිණ තමන්ට,බිරිදට සහ දරුවන්ට බැන වැදී තර්ජනය කළැයි මහව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ආර්.එම්.ප්‍රේමදාස මහතා විසින් මහව බස් නැවතුම්පොළ ඉදිරිපිට තනාගත් තාවකාලික අට්ටාලයක ආරම්භ කළ මෙම උපවාසයට සහය පළකරමින් අනුර බණ්ඩාර හා නිහාල් ප්‍රේමසිරි යන හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් දෙපළද එක් වී සිටියහ.

වයඹ පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතාද ඊයේ මෙම ස්ථානයට පැමිණි අතර ඔහු විසින්ද ටී. බී.‍ ඒකනායක මහතගේ ක්‍රියාකලාපය හෙළා දකිමින් එහිදී අදහස් පළකළේ‍ය. ඊයේ උදෑසන ආරම්භ කෙරුණු මෙම උපවාසය අද පෙරවරුව දක්වාම පැවති අතර උපවාසයේ යෙදුණු මන්ත්‍රීවරුන් ඊයේ රැය පහන් කරනු ලැබුවේද මෙම තාවකාලික අට්ටාලය මතය.

අද අදෑසන මෙම ස්ථානයට පැමිණි අචිනි ලොකුබණ්ඩාර මහත්මිය විසින් ටී. බී. ඒකනායක මහතා සමග කටයුතු කිරීමේදි මෙවැනි ගැටඵ ගණනාවක් පැන නැගී ඇති බැවින් ඒ පිළීබදව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත්  ඒ සදහා අවස්ථාවක් ලබාදීමට අගමැතිවරයා විසින් තමා වෙත පොරොන්දු වී ඇතැයිද උද්ඝෝෂණයේ යෙදුණු මන්ත්‍රීවරුන් හමුවේ පැවසීය.එබැවින් මෙම උපවාසය අවසන් කරන්නැයි ආසන සංවිධායකවරිය විසින් එහිදී මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියාය.ලොකුබණ්ඩාර මහත්මියගේ ඉල්ලීම පිළිගත් ආර්.එම්.ප්‍රේමදාස මහතා ඇතුඵ මන්ත්‍රීවරැන් විසින් උපවාසය අවසන් කර සාමකාමීව විසිරී ගියහ.

මීගලෑව මානෙල් හේවගේ / ගල්ගමුව අරෝෂණ මාන්නප්පෙරුම / මහව රොෂන් රනිල්

mahoupawasa1 mahoupawasa3 mahoupawasa4 mahoupawasa5 mahoupawasa8 mahoupawasaya6 mahoupawasaya7 mahoupawasaya9 mahoupawasaya10

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article