(11.40am ) මාසයකට වැඩි කාලයකට පසුව 11 වැනිදා අළුයම ඇඳිරි නීතිය ඉවත් කළත් පුත්තලම දිස්ත්‍රික්කයේ බොහෝ නගර වලට ජනතාව වැඩි වශයෙන් එක්ව සිටියේ නැත. අත්‍යාවශ්‍ය රජකාරි සදහා පිටත්ව යන රජයේ සේවකයින් වෙනුවෙන් ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් බස් රථ යොදවා තිබූ නමුත් ප්‍රමණවත් තරම් මගීන් සංඛ්‍යාවක් සිටින අයුරුද දක්නට නොතිබුණි.බස් රථ වලට මගීන් නංවා ගැනීමට පෙර සේවකයින් විසින් මගීන්ගේ අනන්‍යතාවය පරීක්ෂා කළ අතර, ආරක්ෂාව සදහා පොලිස් නිලධාරීන් යොදවා තිබුණි.
හලාවත පොදු මාළු අලවි සැළ තුළද වෙනත් දිනවලදී තරම් ජනතාවක් රැස්ව නොසිටි නමුත් ව්‍යාපාරිකයින් පැමිණ සිටින ආකාරයක් දක්නට ලැබුණි. හලාවත නගරයේ වෙළද සැල් බොහෝමයක් වසා දමා තිබුණි.සියළුම ව්‍යපාරික ස්ථාන විවෘත කරන ලෙස ඉල්ලීමක් කරන බවත්,
ඒ සම්බන්ධයෙන් දැණුවත් කිරීම් ඉදිරියේදී සිදු කරන බව හලාවත ව්‍යාපාරික සංගමයේ සභාපති ජාන් සමරනායක මහතා පැවසීය.
ජූඩ් සමන්ත