Sunday, January 19, 2025

ඇග බැදලත් පුරුදු රස්සාව අතනොහැරි කසිප්පුවෙකු මාස 34 ක් ඇතුළට !

Must read

kasippuකසිප්පු ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පෙර වැරදි 10 ක් සහ අත්හිටවූ සිර දඩුවම් දෙකක් සහිතව අධිකරණය විසින් මුදාහැර සිටියදී යළිත් වරක් කසිප්පු ජාවාරමේ යෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර සිටි අයෙකුට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා විසින් වසර 2 යි සහ මාස 10 ක අනිවාර්ය සිර දඩුවමක් නියම කළේය.

මෙලෙස සිර දඩුවම් නියම වූයේ මතව, වැවගම ප‍්‍රදේශයේ පදිංචි විජේසිංහගේ අනිල් ප‍්‍රියන්ත නැමැත්තෙකුටය.

කසිප්පු ඩ‍්‍රෑම් 80 ක්ද සමග සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කළ ගිරිඋල්ල පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ කසිප්පු ජාවාරම් සම්බන්ධයෙන් මින් පෙර අවස්ථා දහයකදී වැරදිකරු වී ඇති සැකකරුට අධිකරණය මගින් දෙවරක් අත් හිටවූ සිර දඩුවම් නියම කර ඇති බවද පැවැසීය.

ඒ පිළිබදව සැලකිල්ලටගත් මහේස්ත‍්‍රාත්වරයා සැකකරුට නියම කර තිබූ වසර දෙකක අත්හිටවූ සිර දඩුවම් වහාම ක‍්‍රියාත්මක කරන ලෙසට නියෝග කළ අතර ඊට අමතරව කසිප්පු ඩ‍්‍රෑම් 80 ක් නිෂ්පාදනය කිරීමේ නව චෝදනාවට තවත් මාස 10 ක සිර දඩුවමක්ද නියම කළේය. ඒ අනුව සැකකරුට නියම වූ අනිවාර්ය සිර දඩුවම මාස 34 කි.

ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ප‍්‍රසාද් මදනායක හා පොලිස් සැරයන් සරත් (50397) මහත්වරුන් විසින් සැකකරුට එරෙහි චෝදනා ගොනුකරමින් පැමිණිල්ල මෙහෙයවූහ.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article