Saturday, November 23, 2024

ආරච්චිකට්ටුවේ චණ්ඩිකම් පාලනය කිරිමට පොලිසිය අසමත්ද ?

Must read

jude
ජූඩ් ප්‍රසන්න මහතා

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්  දෙදෙනෙකු සහ තවත් පිරිසක් අතින් එම ප්‍රෙද්ශයේ පදිංචිකරුවෙකු පහර කා රෝහල් ගතවූ පුවතක් පසුගියදා මාධ්‍ය වල පළවිය. මෙලෙස පහර කෑ  පුද්ගලයා  ජුඩ් ප්‍රසන්න නමැති 38 හැවිරිදි විවාහක පුද්ගලයෙකි. ඔහු මෙම පහරදිම පිලිබදව ආරච්චිකට්ටුව පොලීසියේ පැමිණිල්ලක් කර තිබේ. පහරකෑමට ප්‍රධාන හේතුව ලෙස ඔහු පවසන්නේ තමා විසින් විජයකටුපත වැවේ රොන්මඩ හා වැලි කදු ඉවත්කිරීමේ කොන්ත්‍රාත්තුව වාර්මාර්ග දෙපාර්තමේන්තුවට මුදල් බැද අවසර ඇතිව කරගෙන ගියත් මෙම කොන්ත්‍රාත්තුව නවත්වා ඔවුන්ට බාරදෙන දෙන ලෙස මෙම පිරිස තමාට බලපෑම් කිරීම බවය.එමෙන්ම තමන්ගෙන් කප්පම් ඉල්ලන බවයි.

jagath-samantha
ආරච්චිකට්ටුව ප්‍රාෙද්ශීය සභා මන්ත්‍රී ජගත් සමන්ත මහතා.

තමාට බලපෑම් කළ පහරදුන් ප්‍රථම වතාව මෙය නොවන බවත් මේ වනවිට පොලීසියට මෙවැනි  පැමිනිලි 4ක් තමා විසින් සිදුකර ඇති බවත් ඔහු පවසයි.  අවසාන වතාවට ඔහුට තර්ජනය කර පහරදුන් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙකු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සොහොයුරෙකු වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වන ජගත් සමන්ත වන බව ඔහු පවසයි. පෙබරවාරි 06 වනදා ආරච්චිකට්ටුව ප්‍රාෙද්ශීය සභ  මන්ත්‍රී  ජගත් සමන්ත මහතා ඇතුළු පිරිසක්  තමන් සමග ආරවුලකට පැමිණි බවත් ඉන් මගහැරිමට තමන් යතුරුපැදියෙන් පලා ගිය බවත් නමුත් කැබ් රථයෙන් තමා පසුපස හඹා විත් නවත්වා පහරදුන් බව ජුඩ් ප්‍රසන්න පවසයි. එදින ( 06) වනදා   විජය කටුපත වැවේ වැඩකරමින් සිටියදී  ඔහුට බාධා සිදුකරමින්
නැවතත් තර්ජනය කර ,එම පිරිස බැකෝ යන්ත්‍රයේ යතුරද රැගෙන ගොස් ඇත. මෙම සිදුවීමට අදාළව දෙපාර්ශ්වයම  පොලිසියට පැමිනිලි කර ඇති අතර පසුගිය 15 වනදා  ආරච්චිකට්ටුව පොලීසිය විසින් ප්‍රාෙද්ශීය සභා මන්ත්‍රි ජගත් නිශාන්තව  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර ඇති බවත් වාර්තා වේ.  නමුත් ජූඩ් ප්‍රසන්න මහතා පවසන්නේ ඔවුන් දේශපාලන බලය පාවිච්චි කරමින් තමන්ට වාසිවන ලෙස මෙම ප්‍රශ්නය ලිහිල් ලෙස විසදාගැනීමට උත්සාහා දරන බවයි.
විජයකටුපත වැවේ පස් කදු හා රොන් මඩ ඉවත්කිරීම සදහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට එක්ලක්ෂ විසිහත්දාහක්  ගෙවා අවසර ගෙන ගමේ ගොවි සමිතියෙන්  ද අවසර ගෙන ඇති ජුඩ් ප්‍රසන්න මහතා පවසන්නේ තමන් මෙම කොන්ත්‍රාත්තුව නිසා පාරවල් ඇතුළත ටිපර් රථ යෑම වෙනුවෙන් ප්‍රාද්ශීය සභාවට ද රුපියල් ලක්ෂ දෙකක් ගෙවා ඇති බවයි. මෙලෙස වියදම් කර ලබාගත් කොන්ත්‍රාත්තුව දේශපාලන හය්ය පෙන්වමින් තමන්ට තර්ජනය කර,පහරදී ලබාගැනීමට මෙම පිරිස උත්සාහා දරන බවත්ය.
සිය බිරිද ගේ අක්මාව බද්ධ කර ඇති අතර ඇය වෙනුවෙන් මසකට රුපියල් ලක්ෂයක් වැය වන බවත් ඇයගේ අක්මාව බද්ධ කිරීමටත් අධික මුදලක වැයවූ බවත් ඔහු පවසයි.  ජූඩ් මහතා ඉල්ලා සිටින්නේ තමන් නීත්‍යානුකූලව ලබාගෙන ඇති කොන්ත්‍රාත්තුව නිදහසේ කරගෙන යාමට ඉඩ ලබාදෙන ලෙසයි. 06 වනදා සිදුකළ පහරදීමෙන් ඔහුගේ අත් දෙක බිදී ඇත.  මේ වනතෙක් පහරදුන් පුද්ගලයන්  බැකෝ යන්ත්‍රෙය් යතුර ද  තබාගෙන සිටින බවත් ඔහු පවසයි. මෙම දේශපාලන බලපුලුවන්කාරකම් වලට බයේ එම ප්‍රෙද්ශයේ බොහෝ දෙනෙකු සිය ව්‍යාපාර අතහැර ඇති බවත් පවසන ජුඩ් ප්‍රසන්න මහතා පවසන්නේ තමන් නීති්‍යානුකුලව ලබාගත් කොන්ත්‍රාත්තුව නිදහසේ කරගෙන යාමට අවශ්‍ය නිතිමය රැකවරණයක් සලසන ලෙසයි. මේ වනවිට මේ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තවේ ඉහළ ආයතන වලටත් තමා විසින් මෙම ප්‍රශ්නය ගැන ඉදිරිපත් කර ඇති බවත් ඔහු පවසයි.

පොලිස් පැමිණිලි
4 1 2 395678

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article