Sunday, January 19, 2025

‘‘ ආණ්ඩු පක්ෂ සංවිධායක ගැන තීන්දුවක් ගන්නවා ! ’’ – වයඹ මහ ඇමැති

Must read

johan_fernandoවයඹ පළාත් සභාවේ අයවැය සභාවට ඉදිරිපත් කෙරුණු සහ ඒ පිළිබද විවාදය පැවැති දිනවලදීවත් පළාත් සභාවේ පැත්ත පළාතක නොපැමිණි ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජොහාන් ප‍්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ප‍්‍ර‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා පැවසීය.

ප‍්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසුවේ 2017 වර්ෂය සදහා වන අයවැය ඡන්ද විමසීම අවසන්වීමෙන් පසුව සභාව අමතා ප‍්‍රධාන අමාත්‍යවරයාගේ ස්තූතිකිරීමේ කතාව පවත්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ධර්මසිරි දසනායක මහතා , අයවැය පැවැති දිනවලදීවත් සභාවට නොපැමිණීමෙන් ආණ්ඩු පක්ෂ සංවිධායකවරයා විසින් ඔහුගේ වගකීම පැහැරහැර ඇති බවත්, ඔහුගේ ක‍්‍රියාකලාපය පිළිබදව කණගාටු වන බවත් පැවසීය. එබැවින් ආණ්ඩු පක්ෂයේ සෙසු මන්ත‍්‍රීවරුන් සමග සාකච්ඡා කර ආණ්ඩු පක්ෂ සංවිධායකවරයා පිළිබද නුදුරේදීම තීන්දුවක් ගන්නා බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රත‍්‍රයා වන ජොහාන් ප‍්‍රනාන්දු මහතා 2013 වයඹ පළාත් සභා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරමින් මනාප ඡන්ද 134423 දිනාගනිමින් සන්ධාන මනාප ලැයිස්තුවේ දෙවැනියා ලෙස වයඹ පළාත් සභාවට තේරී පත්විය. වයඹ පළාත් සභාවේ තනතුරු පිරිනැමීමේදී ජොහාන් ප‍්‍රනාන්දු මහතාට ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක තනතුර හිමි වූ අතර, නව රජය බලයට පත්වීමත් පසුව ජොහාන් ප‍්‍රනාන්දු මහතා වයඹ පළාත් සභා රැස්වීම්වලට සහභාගිවීමේ පැහැදිලි අඩුවක් දැකගත හැකි විය. මාස තුනකට වැඩි කාලයක් තිස්සේ වයඹ පළාත් සභා රැස්වීම්වලට අඛණ්ඩවම සහභාගි වී නොමැති ජොහාන් ප‍්‍රනාන්දු මහතා නොපැමිණීමේ අවසරය මත සභා රැස්වීම්වලට සහභාගිවීමෙන් වැළැකී සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article