Saturday, January 18, 2025

ආඩිගම වැව් රක්ෂිතය ගොඩකර අනවසරයෙන් පොල් ගස් සිටුවලා

Must read

  andiga,a 2. andigama5 andigama 1'ආඩිගම නගරයට ආසන්නව පිහිටි ආඩිගම වැව් රක්ෂිතයේ පෝෂක කලාපයට අයත් භුමියට නීති විරෝධි ලෙසින් ඇතුළු වු සංවිධානය වු කණ්ඩායමක් එහි බලහත්කාරයෙන් පොල් පැල සිටුවමින් එම භුමිය තමන් සතු කර ගැනීමට පියවර ගැනීම එම වැවට කරණ බලවත් හානියක් බව ප්‍රදේශයේ ගොවින් පවසති. මෙම කණ්ඩායම පසුගියදා ආනවිලුන්දාව රැම්සා තෙත් බිමේ ඩෝසර් කළ කල්ලියට හිතවත් පිරිසක් බවත් පසුගිය මහා මැතිවරණයේ දි මොවුන් එක් අපේක්ෂකයෙකුගේ ජය පතා කැපවීමකින් කටයුතු කළ පිරිසක් වන අතර එම මැතිවරණයෙන් ජය ලද පසු එම සහයෙන් තමන් මෙම ව්‍යාපාරය ආරම්භ කළේ එම වන රක්ෂිතය අත්පත් කර ගැනීමට බවත් ගම්වාසින් පෙන්වා දෙති. තමන් මෙම අපරාධය නවතන ලෙස ඉල්ලා ඇතත් තම නායකයාගේ ආශිර්වාදයෙන් මෙම පොල් පැල සිටුවිම සිදු කරණ බවත් පසුව තමන් එම භුමිය තමන් සතු කර ගන්නා බවට එම කණ්ඩායම තමන්ට තර්ජන පවා එල්ල කරණ බවත් ගම්වාසින් කියති. මෙම වැවේ අක්කර දහයක් පමණ විශාල වන අතර ඒ ජලයෙන් අක්කර45 පමණ කුඹුරු යායක් වගා කරණ බවත් වැව් පෝෂක කලාපයෙහි මෙසේ අනවසරයෙන් එහි පොල් පැල සිටුවා වැවද පිටතින් ගෙනන පස් පුරවා ගොඩ කිරිමට පියවර ගෙන ඇති බවත් මේ වන විට පිටතින් ගෙනන ලද පස් දැමීමෙන් පෙනෙන බවත් ඒ මගින් වැවටයම් හානියක් ඇති විය හැකි බවත් තමන් මේ සම්බන්ධයෙන් ගොවිජන නිලධාරින් පවා දැනුවත් කර ඇති බවත් කියති. මේ සම්බන්ධයෙන් විමසු විට පුත්තලම සහකාර ගොවිජන සේවා නිලධාරි එස්.පාලිත සේනාධිර මහතා කියා සිටියේ කිසියම් වැව් රක්ෂිතයකට නීති විරෝධිව ඇතුළු වි එහි ඇති ගහ කොළ විනාශ කරමින් එහි වෙනත් වගාවක් කිරිමි සම්පුර්ණයෙන් නිති විරෝධි කාර්යයක් වන අතර මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසින් තමන් දැනුවත් කළ අතර තමන් මේ සම්බන්ධයෙන් වහාම එහි ගොස් පරික්ෂණයක් සිදු කර වාර්තාවක් එවන ලෙසත් වැව් රක්ෂිතයට යම් හානියක් සිදු කර ඇත්නම් වහාම එම හානිය ඉවත් කරණ ලෙස එම පාර්ශවයන්ට දැනුම් දෙන අතර ඊට එකග නොවන්නේ නම් අදාළ පුද්ගලයන්ට අධිකරණයේ නඩු පවරා දඩුවම් ලබා දෙන බවත් කීය. පස් පුරවා ඇති අයුරු හා පොල් පැල සිටුවා ඇති අයුරු ජායාරූප වල දැක්වේ.


හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article