කුරුණෑගල දිස්ත්රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක අශෝක් අබේසිංහ මහතාගේ ප්රචාරක දැන්වීම්වලින් සම්පූර්ණයෙන්ම ආවරණය කර තිබූ බස් රථයක් කුරුණෑගල නගරය පුරා සැරිසරමින් සිටියදී කුරුණෑගල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මැතිවරණ නීතිය අනුව මනාප අංකය සහ පක්ෂ සළකුණු සහිත දැන්වීම් ප්රද්රශණය කළ හැක්කේ අදාළ අපේක්ෂකයා ගමන් ගන්නා වාහනයේ වන අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට අශෝක් අබේසිංහ මහතා මෙම බස් රථය තුළ ගමන් කරමින් සිට නැත.
අශෝක් අබේසිංහ මහතාගේ මනාප අංකය සහ ඡායාරූප සහිත ස්ටිකර්වලින් සම්පූර්ණයෙන්ම ආවරණය කර ගත් මෙම බස් රථය කුරුණෑගල නගරය පුරා සැරිසරමින් සිටින බවට කුරුණෑගල මූලස්ථාන පොලිසිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව අදාළ බස් රථය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් බස් රථයේ රියදුරා පොලිස් ඇප මත හැර ඇති අතර අදාළ බස්රථය මේ වන විට පොලිසිය භාරයෙහි පවතී.
අත්අඩංගුව ගැනීමට පෙර අශෝක් අබේසිංහ මහතා අදාළ බස් රථය ඉදිරිපිට සිටගෙන ගත් ඡායාරූපයක් පහත දැක්වේ.