2022 දී අරගල සමයේදී දේශපාලකයින්ට සිදුවූ නිවාස හානි වෙනුවෙන් වන්දි ලබාගත් මන්ත්‍රීවරුන් අතර හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත ද වෙයි. ඉයේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් වන්දි ලබාගත් දේශපාලකයන් සහ වන්දි වෙනුවෙන් ගත් මුදල් ප්‍රමාණයද හෙලිදරව් කරන ලදි. ඒ අනුව අශෝක ප්‍රියන්ත ලබාගෙන ඇති වන්දි මුදල 7,295,000 යිකි. ඔහුගේ නාත්තන්ඩියේ පිහිටි නිවාස වලට සිදුවූවා යැයි කියන හානියට අනුව මේතරම් මුදලක් ලබාගැනීම සාධාරණ නොවන බව තොරතුරු සොයා බලන විට ප්‍රෙද්ශවාසීන් පවසයි. වැඩිපුර හානිවී ඇත්තේ ඔහුගේ නිවසේ ඉදිරිපස නවතා තිබූ BMW වර්ගයේ රජයේ අමාත්‍යාංශයකට අයත් වාහනයකට බවත් කලහකාරීන් විසින් එම රථයට හානිකර ඇති බව කවුරුත් දන්නා කරුණකි. මෙම රථය පොලීසිය බාරයේ තිබී නොවැම්බර් 24 වනදා මාලිමා රජය පත්වූ පසු නැවත රජයට පවරා ගන්නා ලදී.
අරගල සමයේදී සිය නිවසට සිදුවූ හානි වෙනුවෙන් වන්දී මුදල් ලෙස මිලියන 7.2ක මුදලක් ලබාැනීම ජනතා මුදල් අයුතු ලෙස පරිහරණයට ලක්කිරීමකි. එමෙන්ම මෙම නිවසේ තිබූ අමාත්‍යාංශයට අයත් මොටර් රථය ඔහුගේ බිරිදගේ පුද්ගලික පරිහරණයට ලබාදී තිබූ බවද නාත්තන්ඩිය ගමේ ජනතාව පවසති.
ඡායාරූප අපුටා ගැනීම – අශෝක ප්‍රියන්ත මහතාගේ මුහුණු පොතින්
කෙසේ වෙතත් තමන්ට සිදුවූ දේපළ හානි සම්බන්ධයෙන් අශෝක ප්‍රියන්ත මහතා විසින් බී.බී.සී. සිංහල පුවත් සේවයට ලබාදී ප්‍රකාශයේද තමන්ගේ දේපළ වලට සිදුවූ හානි වලට ලබාගත් වන්දි ගැන සදහන් කර තිබේ.
ගෙවල් කඩපු අයගෙන් සල්ලි අය කර ගන්න' - උපුටා ගැනීම
– https://www.bbc.com/sinhala/articles/ckgnp759g95o
නලින්ද ජයතිස්ස ඇමතිවරයා කරන ලද අනාවරණය අනුව හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්තගෙන් එම වන්දි ලබා ගැනීම සම්බන්ධව බීබීසි සිංහල සේවය කරුණු විමසුවේ ය.
“ඒ මුදල් ගත්තේ නෑ කියලා කියන්නෙ නෑ, ඒ මුදල් ගත්තේ රජයේ මූල්‍ය රෙගුලාසිවලට යටත්ව. ඒ ගද්දි අපි වගකීමෙන් ම අත්සන් කරලා තියෙනවා. ඒ ගණනය කිරීම් කොහෙ හරි වැරැද්දක් වෙලා තියෙනවා නම් නැවත ඒ මුදල් අපි ගෙවන්නම්,” යැයි හිටපු රාජ්‍ය ඇමතිවරයා පැවසීය.
තමන්ට අයත් දේපළ තුනක් සහ වාහන තුනක් එම සමයේදී විනාශ වූ පැවසූ හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත වාහන සඳහා වන්දි අනුමත වී තිබුණ ද එය නොලැබුණු බව ද කියා සිටියේ ය.
“වාහන හතරට සත පහක්වත් හම්බ වුණේ නැහැ. අනුමත වෙලා තිබුණත් ගෙවීමක් කළේ නැහැ. ස්ථාන තුනක එක තැනක ලක්ෂ පනහ හැටක තැනක ලක්ෂයකුත්, තව තැනක ලක්ෂ හැට හැත්තෑවකට ලක්ෂ දොලහකුත්, තව තැනකට ලක්ෂ 24කුත් යන දේපළ හානියක් මට ලැබිලා තියෙනවා, ගෙවීම් කරලා තියෙනවා. මම කියන්නේ ඒක මේ හරියට ම රුපියලට නෙමෙයි. මීට අවුරුදු එක හමාරකට දෙකකට කලින් වෙච්චි දෙයක් නේ.”
උපුටා ගැනීම https://sinhala.news.lk/parliament/2025-02-06-12-18-44
2022 වසරේ පැවැති අරගල සමයේදී දේපළ හානි වූ බව පවසමින් දේශපාලඥයින් 43 ක් රුපියල් කෝටි 122.41 ක වන්දි මුදලක් රජයෙන් ලබා ගත් ආකාරය සභානායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද(06) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේය.
හානි වූ දේපළ සම්බන්ධයෙන් වැඩි මුදලක් තක්සේරු කරන ලෙසට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි නිලධාරීන්ටත් බලපෑම් කරමින් මෙම වන්දි මුදල් ලබාගෙන ඇති බවත් සාමාන්‍ය පුද්ගලයෙකුගේ සමස්ත දේපළම ස්වාභාවික විපතකින් හානි වුවහොත් දෙන උපරිම වන්දි මුදල වනුයේ රුපියල් ලක්ෂ 25 ක් වුවත් එය ලබා ගැනීමට හානියට පත් වූ පුද්ගලයා විවිධ අපහසුතා විඳින බවත් ඇමැතිවරයා පැවසුවේය.
බුද්ධිමය දේපළ පනත යටතේ නියෝග සම්බන්ධයෙන් වූ විවාදය අවස්ථාවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමැතිවරයා මේ හෙළිදරව්ව සිදු කළේය.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ,
පසුගිය 2022 වසරේදී දේපළ හානි වුණාය කියලා දේශපාලඥයන් රජයෙන් වන්දි ගත් ආකාරයත් හෙළිදරව් කරනවා. තමන්ට වූ හානිය ගැන තක්සේරු කරද්දි ඒ කාලයේ සිටි ප්‍රාදේශීය ලේකම්වරුන්ට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට වන්දි වැඩියෙන් තක්සේරු කරන්න කියලා බලපෑම් කළ ආකාරය අපි දැක්කා. ස්වාභාවික ආපදාවකදී දේපළවලට පූර්ණ හානියක් වුවහොත් දෙන්න හැකි උපරිම වන්දිය රුපියල් ලක්ෂ 25 යි. නමුත් ඒකත් ලැබෙන්නේ නැහැ. ඒ දේපළ හානිය ගැන බලය අතේ තිබෙන අය වන්දි ගත් ආකාරය නමින් නම මම දැන් කියන්නම්. කපිල නුවන් අතුකෝරල රුපියල් 504,000 යි. විමලවීර දිසානායක රුපියල් 550,000 යි. ගීතා කුමාරසිංහ රුපියල් 972,000 යි. ජනක තිස්සකුට්ටිආරච්චි රුපියල් 1,143,000 යි. ගුණපාල රත්නසේකර රුපියල් 1,412,780 යි. ප්‍රේමනාත් සී. දොලවත්ත රුපියල් ලක්ෂ 23 යි. ප්‍රියංකර ජයරත්න රුපියල් 2,348,000 යි. සම්පත් අතුකෝරල රුපියල් 2,540,610 යි. ජයන්ත කැටගොඩ රුපියල් 2,814,800 යි. විමල් වීරවංශ රුපියල් 2,954,000 යි. මහාචාර්ය චන්න ජයසුමන රුපියල් 3,334,000 යි. අකිල එල්ලාවල රුපියල් 3,554,250 යි. චමල් රාජපක්ෂ රුපියල් 6,539,374 යි. චන්දිම වීරක්කොඩි රුපියල් 6,948,800 යි. අශෝක ප්‍රියන්ත රුපියල් 7,295,000 යි. සමන්ප්‍රිය හේරත් රුපියල් ලක්ෂ 105.2 යි. ජනක බණ්ඩාර තෙන්නකෝන් රුපියල් 105.5 යි. රෝහිත අබේගුණවර්ධන රුපියල් ලක්ෂ 116.4 යි. විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල රුපියල් ලක්ෂ 137.8 යි. සහන් ප්‍රදීප් රුපියල් ලක්ෂ 171.3 යි. ශෙහාන් සේමසිංහ රුපියල් ලක්ෂ 185.1 යි. ඉන්දික අනුරුද්ධ රුපියල් ලක්ෂ 195.5 යි. මිලාන් ජයතිලක රුපියල් ලක්ෂ 223 යි. දොස්තර රමේෂ් පතිරණ රුපියල් ලක්ෂ 281 යි. දුමින්ද දිසානායක රුපියල් ලක්ෂ 288 යි. කනක හේරත් රුපියල් ලක්ෂ 292 යි. ඩී.බී. හේරත් රුපියල් ලක්ෂ 321 යි. ප්‍රසන්න රණවීර රුපියල් ලක්ෂ 327 යි. ඩබ්ලිව්. ඩී. වීරසිංහ රුපියල් ලක්ෂ 372 යි. ශාන්ත බණ්ඩාර රුපියල් ලක්ෂ 391 යි. එස්.එම්. චන්ද්‍රසේන රුපියල් ලක්ෂ 438 යි. සනත් නිශාන්ත රුපියල් ලක්ෂ 427 යි. සිරිපාල ගම්ලත් රුපියල් ලක්ෂ 509 යි. අරුන්දික ප්‍රනාන්දු රුපියල් ලක්ෂ 552 යි. සුමිත් උඩුකුඹුර රුපියල් ලක්ෂ 559 යි. ප්‍රසන්න රණතුංග රුපියල් ලක්ෂ 561 යි. කෝකිලා ගුණවර්ධන රුපියල් ලක්ෂ 587 යි. මොහාන් පී. ද සිල්වා රුපියල් ලක්ෂ 601 යි. නිමල් ලංසා රුපියල් ලක්ෂ 692 යි. අලි සබ්‍රි රහීම් රුපියල් ලක්ෂ 709 යි. ගාමිණී ලොකුගේ රුපියල් ලක්ෂ 749 යි. ජොන්ස්ටන් ප්‍රනාන්දු රුපියල් ලක්ෂ 934 යි. කෙහෙලිය රඹුක්වැල්ල රුපියල් ලක්ෂ 959 යි.
පසුගිය අරගල සමයේ තමන්ගේ දේපළවලට හානි සිදු වුණාය කියා රජයෙන් ගත් වන්දි මුදල් තමා මේ හෙළි කළේ. මේ 43 දෙනා විතරක් එකසිය විසි දෙකෝටි හතලිස් එක් ලක්ෂ තිස් හතර දහස් හත්සිය තිස් හතක් වන්දි විදියට අරගෙන තිබෙනවා. රුපියල් කෝටි 122.41 යි. බලය පාවිච්චි කර මේ අය වන්දි ගත් ආකාරය තමයි මේ. ගොවියෙකුට වගා හානියක් වුණොත්, ගංවතුරට ගේ හසුව කෑල්ලක් කැඩිලා ගියොත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකින් වන්දියක් ගන්න කොතරම් අමාරුද. නමුත් මේ අය රජයේ නිලධාරීන්ටත් බලපෑම් කර මේ ගෙන තිබෙන වන්දිය කොතරම්ද. මේක තමා අපේ රටේ තිබූ දේශපාලනය.