Saturday, January 18, 2025

අවුරුද්දක් ගියත් විවාදයට නොගත් නියං සහන දෙන යෝජනාවක් වයඹ පළාත් සභා‍වෙන් විසි වෙයි.

Must read

hjlනියගයට හසු වූ වයඹ පළාතේ ගොවීන් හදුනාගෙන ඔවුන් වෙත කඩිනමින් නියං සහනාධාර ලබාදිය යුතු බවට 2014 ඔක්තෝම්බර් මස 21 වැනිදා වයඹ පළාත් සභාව වෙත ඉදිරිපත් කර තිබූ යෝජනාවක් වසරකට ආසන්න කාලයක් තිස්සේ විවාදයට නොගැනීම නිසා එම යෝජනාව වයඹ පළාත් සභා රැස්වීමේ න්‍යාය පත‍්‍රයෙන් ඉල්ලා අස්කරගැනීමට අදාල යෝජනාව ඉදිරිපත් කර තිබූ වයඹ පළාත් සභා මන්ත‍්‍රී අසංක නවරත්න මහතා විසින් කටයුතු කළේය.

අසංක නවරත්න මහතා විසින් 2014 ඔක්තෝම්බර් මස 21 වැනිදා පැවැති වයඹ පළාත් රැස්වීම වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවෙහි මෙලෙස සදහන් විය.

” පසුගිය කාලයේ ඇති වූ දැඩි නියගය නිසා වයඹ පළාතේ වී වගාව ඇතුඵ සියඵම කෘෂිකාර්මික කටයුතු හානියට පත් විය. වයඹ පළාතේ ජනජීවිතය ගොඩනැගී ඇත්තේ කෘෂිකර්මාන්තය පදනම් කරගෙනය. මේ නිසා තම වගාවන් හානි වී අසරණ තත්වයට පත් වී සිටින වයඹ පළාතේ කෘෂිකර්මාන්තයේ නියැලෙන, දැනට හානි පිළිබදව වාර්තා වී ඔවුන්ට නියං සහනාධාර ලබාදිය යුතුයැයි හදුනාගෙන සිටින සියුඵම දෙනාට ඉතා කඩිනමින් නියං සහනාධාර ලබාදීමේ වැඩපිළිවෙලක් වයඹ පළාත් සභාවේ මැදිහත්වීමෙන් සිදු කළ යුතු යැයි මෙම සභාව යෝජනා කරයි. ”

වයඹ පළාත් සභා මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත් මහතා විසින් ස්ථිර කරන ලද මෙම යෝජනාව එදින සිට යෝජනා අංක 6/2014/158 යටතේ වසරකට ආසන්න කාලයක් වයඹ පළාත් සභා රැස්වීම් න්‍යාය පත‍්‍රයට ඇතුළත් වී තිබූ අතර එම කාලය තුළදි කිසිම අවස්ථාවකදී මෙම යෝජනාව විවාදයට නොගැනිණි.

යෝජනාව ඉල්ලා අස්කරගැනීමට හේතු වූ කරුණු පිළිබදව අදහස් දැක් වූ අසංක නවරත්න මහතා මෙසේ පැවසීය.

”පහුගිය අවුරුද්දේ ඔක්තෝම්බර් මාසයේදී තමයි මම මේ යෝජනාව වයඹ පළාත් සභාවට ඉදිරිපත් කළේ. ඒ වෙනකොට වයඹ පළාතට බලපාලා තිබුණු දැඩි නියං තත්වය නිසා අපේ ගොවියෝ විශාල පිරිසක් දැඩි අපහසුතාවයකට පත් වෙලා හිටියා. තමන්ගේ වගා විනාශවෙලා, ණයකාරයෝ බවට පත්වෙලා, කරකියාගන්න දෙයක් නැතුව හිටපු මේ ගොවි ජනතාව වෙනුවෙන් වයඹ පළාත් සභාව මැදිහත්වෙලා යම් සහනාධාරයක් ලබාදෙන්න කියලයි මම මේ යෝජනාවෙන් ඉල්ලා සිටියේ. නමුත් අවුරුද්දක කාලයක් තිස්සේ රජයේ යෝජනා ඇතුඵ යෝජනා ගණනාවක් පළාත් සභාවේදී විවාදයට ගත්තත් මේ යෝජනාව විවාද කරන එක දවසින් දවසම පස්සට ගියා. මේ වෙනකොට වයඹ පළාතට නියං කාලය නිමාවෙලා වර්ෂාව ලැබෙන කාලයත් උදාවෙලා තියෙනවා. ඒ නිසා තවදුරටත් මේ යෝජනාව න්‍යාය පත‍්‍රයේ තියාගැනීමෙන් පලක් නෑ කියලා කල්පනා කරලා තමයි මම මේ යෝජනාව ඉල්ලා අස්කරගත්තේ. පළාත් සභාවල අනුමැතිය සදහා එන රජයේ යෝජනා නිසා පළාත් සභා මන්ත‍්‍රීවරුන් ඉදිරිපත් කරලා තියෙන වැදගත් යෝජනා විවාදකිරීම දවසින් දවස පස්සට යනවා. මම හිතන්නේ පළාත් සභා මන්ත‍්‍රිවරුන් විදිහට ඒක අපිට සිදුවෙන ලොකු අසාධාරණයක් කියලයි. යැයි හෙ‍තෙම පැවසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article