වයඹ පළාත් සභාවේ නව ප‍්‍රධාන අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දෙනු ලැබු ධර්මසිරි දසනායක මහතා අද සිය තනතුරේ රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය.
වයඹ පළාත් සභා සංකීර්ණයේ පිහිටි වයඹ ප‍්‍රධාන අමාත්‍ය කාර්යාලය වෙත අද අදෑසන පැමිණෙන ධර්මසිරි දසනායක මහතා විසින් පෙරවරු 10. 07 ට යෙදෙන සුබ මොහොතින් වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධූරයෙහි රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.
නව ප‍්‍රධාන අමාත්‍යවරයා පිළිගැනීම වෙනුවෙන් වයඹ පළාත් සභාව විසින් පිළිගැනීමේ උත්සවයක්ද සංවිධානය කර තිබේ.